
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇත්තේ සිය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් ණය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය අද (03) ප්‍රකාශ කළාය.
නිශ්චිතව මෙරට ජනතාවගෙන් සියයට 33.4 ප්‍රමාණයක් ණය හේතුවෙන් අවදානමට ලක්ව තිබෙන බවත් ඒ හේතුවෙන් අහිමිවීම් වලට මුහුණ දෙන බවත් ඇය පැවැසුවාය. එලෙස අවදානමට ලක්වූ ජනතාව අතර ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සඳහා ණය ලබාගත් අයද සිටින බවත් ඔවුන්ට ලබාගත් ණය හේතුවෙන් වත්කම් ඉක්මනින් අහිමිවීමේ අවදානමට ලක්ව තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.
මෙම කරුණු එක්සත් ජාතීන්ගේ 2023 බහු අවදානම් දර්ශකයේ සඳහන් වන බවත් කීපවතාවක් තමන් මෙම කරුණු මතක් කරදී තිබෙන බවත් කුබෝටා මහත්මිය සඳහන් කළාය. ශ්‍රී ලාංකික ජනතාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් පැති කීපයක් ඔස්සේ අවදානමට ලක්ව තිබෙන බව එහි සඳහන් වන බව ඇය ප්‍රකාශ කළාය.
ඉහළ ගොස් ඇති ජීවන වියදම වැනි කරුණු සළකා බැලීමේදී වර්තමානයේ මෙරට ජනතාව පීඩා විඳින ණය ගැටළුව තවත් දැඩිවී තිබීමට හොඳ හැකියාවක් තිබෙන බවද ඇය පැවැසුවාය. මූල්‍ය තීරණ ගැනීමට සහ ණය ගැටළුව කළමනාකරණය කර ගැනීමට ණය ලබාගත් ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් කාන්තාවන් තුළ ප්‍රමාණවත් මූල්‍ය සාක්ෂරතාවක් නොමැති වීම ණය ගැටළුව උග්‍රවීමට ප්‍රධාන ගැටළුවක් බව ප්‍රජාව සමග සාකච්ඡා කිරීමේදී පෙනී ගියේ යැයි කුබෝටා මහත්මිය ප්‍රකාශ කළාය.
ණය තිරසරභාවය ඇති කිරීම සඳහා බහු ආකෘතික විසඳුම් අවශ්‍ය බව ඉන් පෙනී යන බවත් පවුල් මට්ටමින්ද ණය තිරසරභාවය ඇතිවිය යුතු බවත් එහිදී ඇය පෙන්වා දුන්නාය. ඒ හේතුවෙන් ණය ආශ්‍රිතව මෙරට ජනතාව මුහුණ දෙන අවදානම් තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙනයන ණය කළමනාකරණ උපායමාර්ග, මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ ජීවනෝපායන් විවිධාංගීකරණය කිරීම වැනි ක්‍රියාමාර්ගයන්ට සහායවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවද ඇය ප්‍රකාශ කළාය.
පසුගිය වසරේ මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම දියත් කිරීමෙන් පසුව ත්‍රෛ භාෂා මූල්‍ය සාක්ෂරතා මොඩියුල, ඉගෙනුම් උපාකාරක පොතක් සහ උපදේශන වීඩියෝ පට මාලාවක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවට සහාය ලබාදුන් බවද ඇය පැවැසුවාය.
තරුණ ප්‍රජාවගේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතුළුව මෙම මුලපිරීම ආරම්භ වූ බවද ඇය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සාක්ෂරතා උපදේශන කඳවුරට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියද එකතුවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවද ඇය පැවැසුවාය.
මූල්‍ය සාක්ෂරතා විෂය නිර්දේශය එළිදැක්වීමට, උපදේශන වීඩියෝපට මෙන්ම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන සඳහා සුදුසුකම් ලත් පුහුණුකරුවකු හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී අද (03) පැවැති උත්සවයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය මෙම අදහස් පළ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ඉතින් ඒ මිනිස්සු , ආණ්ඩුවට වගේ ණය අරන් රටේ ඉන්න මිනිසුන්ගේ ඇඟේ ගහන්න බැහැනේ ,තමන්ම ගෙවන්න ඕනේ
අපි තාම වැල් පාලමෙන් එගොඩ වෙන ගමන්. 2048 වෙන කල් ඉන්නවලා
පවුල පටන් ගන්න දවසේ උත්සවයනට දරණ වියදම ගොබ්බ තරුණ තරුණියන් වැඩිහිටියන් කළමනාකරණය නොගන්නා තාක් මේ රට ණයට පවුල් කන ඵක කවදාවත් නවත්වන්න බැරිවෙයි.බෝතලේ වගේම අනෙකුත් මත්ද්‍රව්‍ය වලට දරණ වියදම සුලුපටුද?රටේ ජනතාවගෙන් ලක්ෂ පනහකට ආසන්න තරුණ තරුණියන් වැඩිහිටියන් මතට ඇබ්බැහි වෙලා නේද?ණය නොවී පවුල් කන්න පුලුවන්ද මෙහෙම බේබද්දන් ඉන්න රටක?දැන් අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඵක මේසේ ඵකට ගහනවා.ඉතින් ඵකට ඵකතු වෙලා ණයට කාපල්ලා බීපල්ලා.
රටේ පාලකයෝ කරන්නේම ඕකම තමයි. ණයට අරන් පිනට දෙනවා වැඩි හරියක් චන්ද බලාගෙන . පාලකයෝ විදිහටම සාමාන්‍ය ජනතාවත් කරනවා. ණයට කන ජාතියක් වෙලා.
පුද්ගලික ණය ලබාගෙන ඇති පුද්ගලයින් සඳහා ද ණය සහන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය. ඒවා ද රටේ මූල්‍ය තත්ත්වය මත රඳා පවතී.