IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රෝහලේ කුණු අසල්වාසීන්ට හිසරදයක් වෙලා

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුරේ ශික්ෂණ රෝහලින් බැහැර කෙරෙන සායනික අප ද්‍රව්‍ය නිසිපරිදි කළමණාකරනය නොකිරිමේ හේතුවෙන් තමන් දැඩි පිඩාවට පත්ව සිටින බවට ප්‍රදේශවාසිහු මැසිවිලි නගති.

අනුරාධපුර ශික්ෂණ රෝහල උතුරු මැද පළාතේ පිහිටි විශාලතම රෝහලයි. මෙම රෝහලින් දිනපතා බාහිර රෝගීහු දහසකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබති. එසේම විශාල රෝගීහු පිරිසක් නේවාසිකවද ප්‍රතිකාර ලබති.

රෝහලින් බැහර කරන සායනික අපද්‍රව්‍ය රැසක් රෝහල් භුමියේ පිහිටි පල්දෝරැව අසලට බැහැර කිරීම හේතුවෙන් වැසි සමයේ එම අපද්‍රව්‍ය ජලය සමග ඒ අසල පදිංචි කරුවන්ගේ ගෙවතුවලට ගලායාමේ හේතුවෙන් ඔවුහු දැඩි පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණපා සිටිති.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසින්ගේ ඉල්ලිම පරිදි ගතහැකි ක්‍රියා මාර්ගයන් පිළිබදව සොයා බැලිම සදහා මහ සංඝරත්නයත් අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එන්.කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල් භුමියේ පිහිටි කසල අංගනයේ නීරික්ෂණ චාරිකාවක නිරතවුහ.



අදහස් (2)

රෝහලේ කුණු අසල්වාසීන්ට හිසරදයක් වෙලා

bbc Thursday, 03 July 2025 02:34 PM

ඔව්වට තමයි , ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ තියෙන්නේ. තමන්ගේ ගෙදර විතරක් පිරිසිදුවට තියාගත්තට මදි, පරිසරය අපිරිසිදු නම්. මේ පලවෙනි වතාවට ආපු ප්‍රශ්නයක් නොවී, මේවට දිගුකාලීන,ස්ථිර විසඳුම් තියෙන්න ඕනේ. එදා වේල උත්තර හරියන්නේ නැහැ. අනික රෝදේ හොයාගන්නවා වගේ අලුතින් හොයාගන්න ඕනේ නැහැ, මේවට ලෝකේ තියෙන උත්තර තියෙනවා කොච්චර උගත්තු ,මන්ත්‍රී ල හිටියත්,, ලංකාවේ තවම , විෂ සහිත බැටරි, පොලිතින්, මේ වගේ රෝහල් අපද්‍රව්‍ය කළමනාකරණයට වැඩ පිළිවෙලක් නැහැ.

:       1       13

din Friday, 04 July 2025 09:03 PM

පුංචි රටේ ජනගහනය විනාශ වෙනවා... උපත් පාලනයක් නැහැ... ලෝකය විශාල වෙන්නේ... තව වසර 50ක් යද්දි තත්වය තවත් බරපතලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 193 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site