
මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනුකළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.
ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබේ.
අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් විවිධ අයුරින් වියදම් කර ඇති බව සඳහන්.
එහෙත් කිහිප දෙනෙක් ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වනවිට ජැක්ලින්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.2ක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බව සඳහන්.
ශ්‍රී ලාංකික නිළියක වන ජැකලින් ඉන්දියාවේ පදිංචිව සිටී. ඇය ප්‍රධාන වශයෙන් බොලිවුඩ් නිළියන ලෙස කටයුතු කරන අතර, රියැලිටි වැඩසටහන් මෙන්ම සංගීත වීඩියෝවල ද පෙනී සිට ඇත.
ජැකලින් ෆර්නැන්ඩස්, 2006 දී මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත් අතර, එම වසරේ පැවැති මිස් යුනිවර්ස් තරගයට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභගි වූවාය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජැකලින්ගේ ඉල්ලීම ඉවතට
Lalla Friday, 04 July 2025 09:01 AM
ක්ෂණිකව ධනවත් වූ ලාංකික නිලි බට්ටියෝ ගැනත් හොයන්න ඕන නේද?
janahitha Friday, 04 July 2025 09:13 AM
මෙන්න මෙහේ වරෙන් දරුවා, මෙහෙ ඕනෑම දෙයක් කරන්න පුළුවන් මහින්ද මහත්තයාගෙන්, බැසිල්, නාමල් මහත්තුන්ගෙන් උපදෙසක් ගන්න පුළුවන්.
din Friday, 04 July 2025 08:59 PM
ලංකාවේ නම් ඕවා නැහැ... මිනී 1000ක් මැරුවත් කමක් නැහැ සල්ලි තියෙනවා නම් ගොඩ. පේනවනේ හරක් කටාට දෙන ආරක්ෂාව...
prasanna Saturday, 05 July 2025 03:19 PM
ඔය සල්ලි ටික කන්ටේනර් එකක දාලා එවන්න. විනාඩි 5න් බිමල් එළියට අරගෙන දෙනවා.