
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පේරාදෙණිය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයෙකු සහ රියදුරෙකු රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවව කියයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කෘමිනාශක දිලීර නාසක සහ ශාක වර්ධනය සඳහා හෝමෝන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා එම නිෂ්පාදනය කරන පලිබෝධනාශක නියැදි වශයෙන් ගෙන පරික්ෂා කිරීම සඳහා නිවසට පැමිණීමට එම නිලධාරීන් පැමිණෙන වාහනයට ඉන්ධන ගැනීමට රුපියල් 10,000 ක මුදලක් පැමිණිලි කරුගෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවමත සැකකරුවන් දෙදෙනා පැමිණිලිකරුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව කියයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අල්ලස්ගත් සංවර්ධන නිලධාරී-රියදුරු අත්අඩංගුවට