
(මනෝප්‍රිය ගුණසේකර)
දිළිඳු ගොවීන්ට සහනදායි මිලට දීම සඳහා රජය මඟින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයට වාසි ගැනීමේ අරමුණීන් සිය දේශපාලන හිතවතුන් මඟින් බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි 2 1/2කට අධික පාඩුවක් කළැයි කියමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියම කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකාර හිටපු අමාත්‍යවරයා එලෙස රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා ඒ මනුස්සයා බෙදලා නේද? අනේ මන්දා කෙහෙලිය ඇරෙන්න අනිත් ඒවා නම් උගන්ඩාවෙ හංගපු සල්ලි වගේ...
අඩුගානෙ ඇට ටික තම්බගෙන තනියම කෑවනං මෙහෙම කළාට කමක්නෑ... නේද යෝගා...?
අනුරපුරේ බන්ධනාගාරෙට අරිනවාද? හිටපු බන්ධනාගාර අධිකාරිට හරි, කොමසාරිස්ට හරි කියලා ජනපති සමාවක්වත් ලියවා ගන්න...
බය වෙන්න දෙයක් නැහැ, මල්ලීත් ලග පාත ඉන්න කොට. අනික තව කට්ටියක් මග එනවනේ...
නුවර වැවේ වැව්තාවුල්ලේ බිල්ඩිං ගැහුවේ මමයි පුතේ….
මේවා විපක්ෂයේ අයව හීලෑ කිරීමට දේශපාලනිකව පෙළඹවූ උත්සාහයන්. විගණකාධිපති හෝ අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් ඇත්තටම විමර්ශනය කිරීමට අවශ්‍ය නම්, විවිධ දෙපාර්තමේන්තු වල ADB/ලෝක බැංකු අරමුදල් අනිසි ලෙස භාවිතා කිරීම/අක්‍රමිකතා විමර්ශනය කිරීමයි. කිසිදු වගකීමක් නොමැත, නමුත් ව්‍යාජ කරුණු සහිත නිෂ්ඵල වාර්තා. සම්බන්ධීකරණ නිලධාරියා පත් කරනු ලබන්නේ පරිත්‍යාගශීලියා සහ පරිත්‍යාගශීලියාගේ මණ්ඩලයක් විසින් බැවින්, ඔවුන් එතරම් ගැටළු ඇති නොකරයි. ඇත්ත වශයෙන්ම, එම ව්‍යාපෘති සුදු අලියෙකි. ලබන්නා කෙසේ හෝ ගෙවිය යුතු බව ඔවුන් දන්නා බැවින් ADB හෝ වෙනත් පරිත්‍යාගශීලීන් එතරම් තැකීමක් නොකරයි. ප්‍රේමදාසගේ සිට අනුර දක්වා, ADB අරමුදල් සහිත ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම වැරදි කළමනාකරණයේ අතේ ඇත, උදාහරණයක් ලෙස උසස් අධ්‍යාපන නවීකරණය, මාර්ගගත ඉගෙනීම, AL සුදුසුකම් ලත් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ ව්‍යාපෘතිය, විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා MIS පද්ධතිය යනාදිය. රජයේ සේවකයා හොඳින් දන්නා නමුත් ඔවුන් ඒ ගැන කතා කිරීමට කැමති නැත. වැඩිපුර වැඩ, වැඩිපුර ගැටළු, අඩු වැඩ, අඩු ගැටළුව. ඔවුන් හොඳින් දනී.
මේ එකක් විතරයි... කිරි හරක් බෙදපුවා..., කැලේ කපපුවා එහෙම තමයි එළියට ඇවිත් නෑ වගේ...
මේ ක්‍රමෙට ගියොත් ආණ්ඩු කරපු එකෙක්වත් එළියේ ඉතුරු වෙන්නේ නැහැ, මේ හිරු අල්ලනවා නේවි පිට්ටනිය හදනවා තනියම match එක ගහන්න... හිරු අල්ලනවා නම් cabinet එකේ දෙන්නෙක් තුන්දෙනෙක් හිරේ ඉන්න ඕන මේ වෙද්දි... පචෝරිස් ඇතුළුව
හූරේ... විපක්ෂය වැලිකඩ බලය අල්ලයි.
කෙහෙලියට කීල්ස් එකෙන් බඩු මල්ලක් දුන්නා. මෙයට ලාෆ් එකෙන් බඩු මල්ලක් දීලා. ඉහි.. ඉහි.. අනේ අපිට විතරයි ඔහොම බඩු මලු ගන්න විදියක් නැත්තේ, හරිම නරකයි !!!
සමහර කමෙන්ට්ස් දිහා බැලුවාම පේන්නේ බහුතරයක් ජනතාව මේ වංචා දූෂණ අනුමත කරන බවයි. වංචනිකයින්, දූෂිතයින් පාලකයින් ලෙස පිලිගැනීමට කැමැති බවයි...
පොහොට්ටුවේ කසළ සෝධක කල්ලිය හිතාගෙන ඉන්නේ නීතිය කියන්නේ එයාලාටයි එයාලගේ සෑර්ලාට හිතෙන ඒවා කියලා.. මහජන මුදල් සහ ඒවා යොදවා ගන්න භාණ්ඩ හා සේවා එහෙම එක එකාට ඕන ඕන විදිහට තමන්ගේ දේශපාලන හා පුද්ගලික අරමුණු වෙනුවෙන් යොදවන්න හො බෙදන්න බැහැ. අඩුම ගානේ ඒ සදහා කැබිනට් අනුමැතිය අවශ්‍යයි. මොකද මුදල් පිළිබඳව සම්පූර්ණ අයිතිය හා බලය තියෙන්නේ පාර්ලිමේන්තුවයි. එහෙම නැතුව ඇමති වුණු පලියට තමන්ට ඕන ඕන ආකාරයට මහජන මුදල් අවභාවිත කරන්න, නාස්ති කරන්න වගේම තමන්ගේ එහෙයින්ට ගැත්තන්ට බෙදන්න අයිතියක් නැහැ. ඒවාත් මතක තියාගෙන සෑර්ලාගේ වැසිකිළි කැසිකිළි සුද්ධ පවිත්‍ර කරන වැඩේ පරිස්සමට කෙරුවොත් හොඳයි....!
පාකිස්තානු - ඉන්දියා ක්‍රිකට් මැච් එක වගේ ජනතාවට සදාකල් බලාගෙන ඉන්න වෙනවා. තව අවුරුදු ගාණක් මෙම හිරේ දැමීමේ තරගාවලිය...
විපක්ශේ හැම එකාම හිරේ දාලා ඉවර වුණු දවසටත් අනුරයාට රට හදන්න බැරිවුණාම මිනිස්සුන්ට තේරෙයි අනුර ඇතුළු පච බලකාය ඔවුන්වත් රවට්ටලා ඔවුන්ගේ ජීවිතේ අවුරුදු 5ක් නිකන් කාලකන්නි කළා කියලා. ඊට පස්සේ ඡන්දෙන් වෙන එකෙක් ගේන්නද හිතාගෙන ඉන්නේ? ගොන්හැත්ත 2/3ක් දීලා තියෙන්නේ... සම්පූර්ණ ඡන්ද අයිතිය අහෝසි කරලා මේ රට සමාජවාදී රටක් කරන්න ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්. ඊට පස්සේ මැරෙනකන් රිලව් ගණන් කරකර හිටපල්ලා...
දහ අට මාසෙකට අරින්න..