IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මන්ත්‍රීලා 175 න් 80ක්ම වත්කමට පිටුපාලා

(සුජිත් හේවාජුලිගේ)

වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම සඳහා ලබාදී තිබූ කාලය  පසුගිය ජුනි මස 30  වැනිදා අවසන් වුවද   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  175  දෙනාගෙන්  80 දෙනකුම  වත්කම් බැරකම් ප්‍රකාශ   කතානායකවරයාට  බාරදී නැතැයි වාර්තාවේ.

ඉන් වැඩි පිරිසක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු  වෙති.

ජුනි මස 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ බාරදී තිබූ මන්ත්‍රී  ලැයිස්තුව පාර්ලිමේන්තු  ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  පෙරේදා  (2) බාරදෙනු ලැබීය.

මේ අනුව එම කොමිෂන් සභාව වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී නිත්‍යානුකූලව කටයුතු කරනු ඇතැයි
ආරංචි මාර්ග සඳහන් කළේය. නව කොමිෂන් සභා පනත අනුව  වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හරින මන්ත්‍රීවරුන්ගේ  වැටුපෙන් තුනෙන් එකක අධිභාරයක් අයකිරීමටද  කොමිෂන් සභාවට බලය ඇත්තේය.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකම මාර්තු මස 31 වැනිදාට පෙර පැවතුණු සියලුම වත්කම් පිළිබඳ විස්තර කතානායකවරයාට බාරදිය යුතුව ඇත.මේ අතර පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතු කළ  හිටපු මන්ත්‍රීවරුන් සහ  මන්ත්‍රී කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන්  බහුතරයක්ද  වත්කම් බැරකම් ප්‍රකාශ අදාල ප්‍රධානීන්ට බාරදී නැතැයි  දැනගන්නට ඇත.



අදහස් (10)

මන්ත්‍රීලා 175 න් 80ක්ම වත්කමට පිටුපාලා

කුලියට ලියන්නා-npp Friday, 04 July 2025 12:12 PM

අපේ අය හොරු නෙමෙයි. හැබැයි වත්කම කියන්න බයයි.

:       1       26

Asela Friday, 04 July 2025 12:39 PM

කිසිවෙකුට එරෙහිව නඩු පවරනු නොලබන බව මට විශ්වාසයි. මේ ශ්‍රී ලංකාව, විශේෂයෙන් බලයේ සිටින අයට. නීතිය සහ අධිකරණය විරුද්ධවාදීන්ට සහ සාමාන්‍ය ජනතාවට පමණක් සීමා වූවක්. එය අතීතයේදීත්, වර්තමානයේත් සත්‍ය වූ අතර අනාගතයේදීත් එසේම වනු ඇත.

:       2       22

රට වැසියා Friday, 04 July 2025 01:56 PM

මට නම් හිතෙන්නේ තියෙන වත්කම් ලියන්න ලැජ්ජාවක් හිතෙනවා ඇති..., ඒක නිසා පසුබානවා ඇති.

:       2       10

Laki Friday, 04 July 2025 04:24 PM

දැන් තියෙන වත්කම අඩුවෙන් ලිව්ව වගේ නෙවෙයි යනකොට එදාට ඒ තියෙන වත්කම හොයාගත්ත විදිහත් පෙන්වන්න වෙනවා. දැන් තියෙන ආදායම වැඩියෙන් පෙන්නලා හම්බකර ගත්තෙ නෑ කියන්න ගියොත් දැන් ඉඳලම ටැක්ස් ගවෙන්න වෙනවා .

:       0       11

Silva Friday, 04 July 2025 06:38 PM

මන්ත්‍රීවරුන් 175 දෙනාගෙන් කියන්නේ ඇයි? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 225 දෙනෙක් ඉන්නවනේ...

:       0       10

ගුණරත්න Friday, 04 July 2025 07:42 PM

ඉන් වැඩි පිරිසක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු වෙති! බු හා හා මේක වෙන්න ඇති පුනරුදේ... !

:       0       10

Perera Saturday, 05 July 2025 07:27 AM

NPP එවුනුත් අර වගේ වුණොත් ලබන ඡන්දෙදි පයින් ගහලා එළවන්නේ...!

:       0       1

de silva Saturday, 05 July 2025 11:57 AM

මම මේ කලපනා කරන්නේ තිබෙන වත්කම් පෙන්වනව‍ාද? එහෙම නැතිනම් ටිකක් වැඩියෙන් පෙන්වනවාද? වැඩියෙන් පෙන්නුවොත් මේවා හම්බකළේ කොහොමද කියලා අහවි... සමහරවිට බදු ගෙවන්නත් වේවි..., දැන් තියන එක පෙන්නුවොත් තව අවුරුදු 3-4කින් හම්බ කරගන්න බලාපොරොත්තු වෙන ඒවා එළියට දමන්න බැරිවේවි... මේක හරිම අන්තෝ ජටා, බහි ජටා ප්‍රශ්නයක්...

:       0       2

prasanna Saturday, 05 July 2025 12:00 PM

මොන වත්කම්ද? මොවුන් තමා යාපනේ 88/89 කාලේ හොරකම් කරලා පැලවත්තේ පිහිටුවපු අරමුදලෙන්...

:       0       2

R.T.sarath Saturday, 05 July 2025 12:02 PM

මට ආචාර්ය උපාධියක් තිබුණාට 3-4 පන්තියේදී ඉගෙන ගත්තු සරල ගණිතය අමතක වෙලා..., මට කොපමණ දේපල තිබෙනවාද? ඒවා තිබෙන්නේ කොහේද කියලා මට මතක නැහැ. දොස්තර මහේශිවත් එළියේ හිටියා නම් මොලේ ඔපරේෂන් කළා කියලා තුන්ඩුවක් අරන් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න තිබුණා දැන් ඒකත් බැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site