(ගයාන් සූරිය ආරච්චි)
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.
අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා'‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Reply Forward Add reaction

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මාගේ හැටියට දුවගේ තරම හිතාගන්න පුළුවන්, අද ජඩකම් බලුකම් කරන එක අයිතිවාසිකමක් වෙලා...
මොනවද මේ රස්තියාදු වචනෙ?
පැරණි දේශපාලු සම්බන්ධයක් තිබෙනවාලු නේද? රටේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න. නැතිනම් හැත්ත බුරුත්ත පිටින්ම අකුලාගෙන යන්න කියන්න.
ආරේ ගති නෑරේ කිව්වාලු.. ළඟදීම කල්දේරම් බත් කන්න ඕනෑවෙලා...?
මිනිස්සු ජීවත් කරන්න දොස්තරලා ඉන්නේ.... එයාලාගේ දුවලා කියනවා මරනවා කියලා පුදුම වැඩක් මේක.
ඔය දුව මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවොත් හොඳයි. අධිකරණය තුල හැසිරෙන්න වත් දන්නේ නැති උද්දච්ච කෙනෙක්.
තමන්ගේ රැකියාවේ ගරුත්වය රැකගෙන ඉන්න බැරුව කරගත්තූ විනාශයක්. දූෂිතයෝ දේශපාලුවෝ පස්සේ යන අයටත් හොඳ පාඩමක්?
පරිස්සමෙන්... මැරුණු මිනිස්සුත් විකුණගෙන කාපු අයට ඕවා සුළු දේවල් වෙන්න ඇති.
මේක පුද්ගලික පළිගැනීමක් කියනවා. මේක ශාෆි කේස් එකේ අනිත් එක. එදා ශාෆිට විරුද්ධවත් පෝලිහේ ආවා නේද? කෝ ඔප්පු වුණාද? මේකත් ඒ වගේ.... ඉස්පිරිතාලවල බෙහෙත්, උපකරණ නැහැ. දොස්තරලා පිටින් ගේන්න කියන්නෙත් නැහැ. මිනිස්සු මැරෙනවා...
අම්මගේ උගත්කම දුවට ගෑවිලාවත් නැති බව පේනවා. මේ ළමිස්සිගේ වයස කීයද? පුළුවන් ඉක්මණට පැදුරක්, කොට්ටයක් දීලා, රට උළු ගෙදර කූරු ගණන් කරන්න යවන්න... නැතිනම් සමාජයට පිළිකාවක් වෙනවා නියතයි...
දෙදෙනාටම රිමාන්ඩ් එකේ එකට හිටියැකි දැන්
සීයත් හොඳ චන්දියෙක් නේ.
මරනවා කියන්නේ රෝහලකින් බෙහෙත් ගන්න ගියාම ඔහොම කරයිද දන්නේ නෑ...