IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ක්වාසි විනිසුරු අල්ලස් දැලේ

(මනෝප්‍රිය ගුණසේකර)

දික්කසාද නඩුවක තීන්දුව කාන්තාවට වාසිදායක වන අන්දමට දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී කදුරුවෙල ක්වාසි විනිසුරුවරයා සහ එහි ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උදාළ කාන්තාව විසින් කළ පැමිණීල්ලකට අනුව කළ වැටලීමකදී කදුරුවෙල ක්වාසි අධිකරණ පරිශ්‍රයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ  ආරංචි මාර්ග සඳහන් කරයි.
 



අදහස් (6)

ක්වාසි විනිසුරු අල්ලස් දැලේ

de silva Friday, 04 July 2025 01:42 PM

රටේ විවිධ ජනකොටස් වලට එක එක උසාවි සහ නීති අවශ්‍ය නැහැ. කරුණාකර හැමෝම එක නීතියක් යටතට ගෙන එන්න කටයුතු කරන්න...

:       6       36

රනේ Friday, 04 July 2025 04:38 PM

එක රටක් එක නීතියක්!

:       3       16

දුංහිඳ Friday, 04 July 2025 05:25 PM

මේ විකාර දේවල් අයින් කරලා විද්‍යානුකූලව තියෙන රටේ එකම නීතියකට සියල්ලන් යටත් කරන්න කොන්ඳක් තියෙන නායකයෙක් අපට කවදා බිහි වෙයිද?

:       6       13

Neel Friday, 04 July 2025 06:05 PM

සහතික ඇත්ත.... ආගමයි, නීතියයි පටලවාගෙන...

:       3       14

sanath Saturday, 05 July 2025 02:38 PM

මේ වගේ විකාර වැඩ ලෝකේ කොහෙවත් නැහැ. ජර්මනියේ ජීවත්වන පුරවැසියන් සියලු දෙනාටම තිබෙන්නේ එක නීතියක්, සවුදි අරාබියේ තිබෙන්නේ ඒ ගොල්ලන්ගේ නීතිය, එංගලන්තේ තියෙන්නේ එක නීතියක්.., ක්වාසි උසාවි වැනි දේවල් අපේ නීති පද්ධතියට සහ උසාවි වලට කරන අපහාසයක්..., සැම පුරවැසියෙකුම එක පොදු නීතියක් යටතට ගෙන එන්න... අපේ රටේ නීතිය හොඳ නැතිනම්, කැමැති කෙනෙක් පාකිස්තානයට හෝ සවුදි අරාබියට හෝ ඩුබායි හෝ ගිහින් පදිංචි වෙන්න.

:       0       2

Saman Rathnayaka Sunday, 06 July 2025 10:24 AM

විවාහ නීති කියන්නේ සිවිල් නීති මිස අපරාද නීති නෙමේ. මේ රටේ අපරාද නිතිය හැමෝටම පොදුයි. අනිත් එක කෙනෙක් විවාහ වෙන එක එයාගේ පෞද්ගලික දෙයක්. ඒක ඒ ඒ අයගේ සමාජය, සංස්කෘතිය අනුව ඒවා කරන්නේ. ඒක ලියාපදිංචි කරන එක තමයි රජය කරන්න ඕනේ. කෙනෙක් හිතනවානම් හැමදේම රජය පාලනය කරන්න ඕනේ කියල, එයාලා ගැලපෙන්නේ උතුරු කොරියාවට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site