
(නිමල කොඩිතුවක්කු)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් සිදුකර තිබේ.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාරදෙනු ලැබීය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව මෙම පරිත්‍යාගය ලබා දීම විශේෂත්වයකි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට සල්ලි මොකටද දෙන්නේ...? අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්නයි... මේ දීපු මුදල්වලින් මොනවද කළේ කියලා අපි කොහොමද දැනගන්නේ?
මෙය නීති විරෝධියි...!
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු පිට පාඩු ලබද්දී, ඒ ගාණටම තෙල් විකුණලා අයි ඕ.සී. එක ලාබත් ලබලා රටට කෝටි ගණන් මුදලින් ආධාරත් කරනවා. මේකම ඇති ඔලුව ඇතුලේ මොළය කළදක් හො තියෙන එකෙකුට තේරුම් ගන්න... මෙතෙක් කාලයක් රට පාලනය කල හොර නඩය රටට කෙරුව විනාශය කොතරම්ද කියලා....
සිපෙට්කෝ එකට ජනාධිපති අරමුදලට සල්ලි දෙන්න වෙලා තියෙන්නේ... ඒකාධිකාරයක් ගොඩ නොනැගෙන ලෙස රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි...
බයක් නැහැ දැන් මේ මුදල් අවශ්‍ය අයට ලැබේවි, දේශපාලුවන්ට මේ අරමුදල් වලට අතගහන්න ලැබෙන්නේ නැහැ