IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැලි ලොරියෙන් අල්ලස් ගත් සාජන් - කොස්තාපත් ගෙදර

(ගයාන් සූරියආරච්චි)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ලොරි රථ රියැදුරකුට නීති ක්‍රියාත්මක නොකර සිටීම සදහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

එම සිද්ධිය වාර්තාවීමට දින 2 කට පෙර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් රාජකාරී සිදුකිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබදව විශේෂ දේශනයක්ද සිදුකර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සැරයන්වරයා සහ කොස්තාපල්වරයා මිරිහාන, කොළඹගේ මාවත ප්‍රදේශයේදී අපරාධ වැළැක්වීමේ යතුරුපැදි සංචාරක රාජකාරියේ යෙදී සිටියදී වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් පොලිස් නිලධාරීන් දැක පලායාමේදී සැකකාර සැරයන්වරයා සහ කොස්තාපල්වරයා පොලිස් යතුරුපැදියෙන් එම වැලි ලොරිය හඹාගොස් අතුරුමාර්ගයක නවතාගෙන ඇත.

එහිදී ලොරි රථය පරීක්ෂා කිරීමේදී එම ලොරි රථයේ රියැදුරු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කර තිබූ අතර ඒ සදහා නීති ක්‍රියාත්මක නොකිරීමට සැකකරුවන් විසින් ලොරි රථ රියැදුරුගෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද පැමිණිල්ලක් මත සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයාද මිරිහාන පොලිසියට ඉදිරිපත්වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එම විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් එම පොලිස් සැරයන්වරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බවත් ඔවුන්ට දැඩි නීතිමය, විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා පැවැසීය.



අදහස් (0)

වැලි ලොරියෙන් අල්ලස් ගත් සාජන් - කොස්තාපත් ගෙදර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site