IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බසය මාර ගසක ගැටී 21 ක් රෝහලට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත දැදුරු ඔය ආසන්නයෙදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටි අද(4) දහවල් සිදුවු අනතුරකින් රියදුරු ඇතුළු 21 දෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමින් තිබු ලංකා ගමනා ගමන මංඩලයට අයත් බස් රථයකි.

බස් රථය හලාවත කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමින් තිබියදි රියදුරුට එකවර බස් රථය පාලනය කර ගැනිමට නොහැකි විමේන් මාර්ගයෙන් ඉවතට පැන දැදුරු ඔයට මිටර් කිපයක් දුරින් තිබු දැවැන්ත මාර ගසක ගැටි ඇති බව පොලිසිය කියයි.

අනතුරීන් තුවාල බස් රථයෙ සිරවි සිටි රියදුරු මහත් වෙහෙසක් දරා බේරා ගෙන හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කිරීමට එම ස්ථානයට එක්වු පිරිස් කටයුතු කර තිබුණි.

 

 



අදහස් (7)

බසය මාර ගසක ගැටී 21 ක් රෝහලට

Tissa senanayake Friday, 04 July 2025 01:58 PM

ඇයි මේ පුනරුද යුගයේ මෙතරම් මාරක බස් අනතුරු?

:       6       4

MDFriday, 04 July 2025 03:23 PM

වාහන අනතුරු විතරක්ද?තවත් බොහෝ අයහපත් දේවල් සීමාව ඉක්මවා ගොස් ඇත.මගේ හැඟීම නම් වෛරී සිතුවිලි වලින් පිරුණු සම හරක් ජනතාවක් ගහපු කතිරයේ ප්‍රතිඵලය තමයි හැමෝම විඳවන්නේ.ගොබ්බ ජාතියක් කල හෙණයක්.තවම පටන් ගත්තා විතරයි සාපය.

:       9       4

de silva Friday, 04 July 2025 01:59 PM

මේ අනතුරුවල කවුරුත් කතා නොකරන පැත්තක් තිබෙනවා. පහුගිය කාලේ ලංකාවට ගෙන්වන වාහන සීමා කිරීම සහ ගෙන්වන ලද වාහන වලට අධික තීරුබදු අයකිරීම නිසා රටේ පාරවල් වල ධාවනය වන්නේ පරණ වාහන, අමතර කොටස් මිල වැඩි නිසා මේවා නිසිලෙස අලුත්වැඩියා වෙන්නේ නැහැ. මෙම වාහන වල ෆිට්නස් තත්වය රිය අනතුරුවලට විශාල ලෙස බලපානවා. රිය අනතුරු 2020ට පෙර කාලය සමග සන්සන්ධනය කරන විට අනතුරු වැඩිවීමට ප්‍රබල හේතුවක් මේක... රජය වාහන අමතර කොටස්වලට ගහන තීරු බදු අඩුකර, වෙළඳපලේ වාහන අමතර කොටස් මිල අඩු කරන්න වහාම කටයුතු කළයුතුයි..

:       3       15

Hasitha Friday, 04 July 2025 04:54 PM

මේ බස් යන්නේ සල්ලි පස්සේ විතරයි. මනුස්සයෙක් නගිනකල්, බහිනකල් ඉන්නෙත් නෑ හදිස්සිය, පුදුම කරුමයක්... ඒ මදිවට යනවා 100ට විතර... ගිහින් හැප්පුණාම වෙන විනාශය කොහොමත් වැඩියි අබලන් බස්වල...

:       0       8

Himas Friday, 04 July 2025 05:10 PM

බලන්නකෝ රටේ හැම තැනම, දවස් ගානේ වෙඩි තියලා මිනිස්සු බල්ලන් ගාණට මරලා දාන විදිහ... මෙහෙම වෙන්න නම් ආණ්ඩුවක් මොකටද?

:       5       3

Neel Friday, 04 July 2025 06:01 PM

මේ රියදුරන්ට මනා පුහුණුවක් ලබාදීම අනිවාර්යයී. ආණ්ඩුව හොඳටම ප්‍රමාදයි.

:       1       3

ගුණරත්න Friday, 04 July 2025 06:23 PM

තුවාල ලැබූ අය උස්සන් යන විදිහ දැක්කාම අපේ ඔලුව රිදෙනවා. කොඳු ඇට පෙලට හානියක් වෙලා තිබ්බොත් මෙහෙම උස්සන් යන එකෙන් ඒ හානිය යතාවත් කරන්න බැරි වෙනවා... ගෙලට හානියක් වුණොත් මැරෙන්නත් පුළුවන්, අභ්‍යන්තර රුධිර වහනය වැඩි වෙන්න පුළුවන්. රෝගීන් හැසිරවීම ගැන පළපුරුද්දක් නැත්නම් අනතුරුවලට ලක්වුණු අය අල්ලන්න යන්න එපා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site