(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන මැතිසභා ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන බොහෝ දුරට මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය.
විමර්ශන අවසන් වීමෙන් පසු කමිටු වාර්තාව කමිටුවේ සභාපතිවරයා විසින් කතානායකවරයාට භාර දෙනු ඇත.
කමිටුවේ වාර්තාව පරීක්ෂා කිරීමෙන් පසු කතානායකවරයා විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර සිය ලිඛිත දේශනා අනිද්දා(8) අඟහරුවාදා ඉදිරිපත් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන මැතිසභා ත්‍රිපුද්ගල කමිටුව වග උත්තරකාර සහ පැමිණිලි පාර්ශ්වවලට දැනුම්දී ඇත
මේ අනුව දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුවට ඉදිරිපත් කළ යුතුවේ.
පොලිස්පතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දෙපාර්ශවයේම සාක්ෂි වීමසීම පසුගියදා අවසන් විය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දේශබන්දු කමිටු වාර්තාව මේ මාසයේදී කතානායකට