
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) මරණ තර්ජන කළ බව කියන එම විශේෂඥ වෛද්‍යවරියගේ දියණිය අද (7) අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 7 ප්‍ර දේශයේ පදිංචි 21 හැවිරිදි විදේශ රටක සරසවි සිසුවියකි.
එම සැකකාරිය නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනෙන විදියට, මුලින්ම, ඇයව මානසික වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුයි.
අඩුම ගානේ සති දෙකකටවත් ඇතුළට යැව්වොත් ඔය අමාරුව අඩුවෙලා යයි...!
අම්මා නිසා ආපු ආවේගයට ඒ ළමයා එහෙම කියන්න ඇති...
උගත් කම සමඟ ප්‍රජණනය (cognition ) සංවර්ධනය නොවීම වර්ථමාන සමාජයේ ඇති ගැටළුවකි. එය හොඳින්ම පිළිපිඹු කරන සිද්ධීන් දාමයක් තමයි මේ.
ගිණුම්වල තියෙන කෝටි ගණන් හොරා කාපු සල්ලිවල බලය මතක් වෙනකොට මොවුන් කව්ද, අපි කව්ද කියලා හිතනකොට හැසිරෙන්න ඔහොම තමයි, ඩි.බි විජේතුංග ජනාධිපතිවරයාගේ දුව හැර ඉස්සර රජයන්වල තරුණ තරුණියන් හැසිරෙන්නෙත් ඔහොමයි...
දුංහිඳ: ප්‍රජණනයයි ප්‍රජාණනයයි පටලවගන්න එපා. නිවැරදි වචනය ප්‍රජාණනය නැතහොත් සංජාණනය...