
( රොමේෂ් මධුෂංඛ)
යාපනය මාමුනෙයි ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කැලෑවක සඟවා තිබූ රුපියල් මිලියන 16 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් සොයාගත් බවට නාවික හමුදාව පැවසීය.
උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් සහ මරදන්කේනි පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව මාමුනෙයි ප්‍රදේශයේ සිදුකල සෝදිසියකදී අදාල කේරල ගංජා තොගය ගමන්මලු 4 කට දමා කැලෑවක සඟවා තිබියදී සොයාගනු ලැබීය.
මෙම කේරලගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබියදී නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් අදාල කේරල ගංජා තොගය සඟවා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැකපල කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් අඩුවෙලා විදෙස් සංචිත ඍන පැත්තට යන එක අහන්න දෙයක්යෑ, කොස්ස-ඉදල, අල-ලූණු විතරක් නොවෙයි, ගංජා මිටියත් පිටරටින් ගෙන්නන කොට....
අපිට ඉන්නේ පොඩි නාවික හමුදාවක්.. මිනිස් බලය සහ යන්ත්‍ර උපකරණත් ප්‍රමාණවත් නැති එකේ මෙහෙම හරි සෝදිසි කරලා මත්ද්‍රව්‍ය සහ හොර බඩු අල්ලන්න ලැබෙන එක ලොකු දෙයක්...