IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට මුදල් වැඩියෙන් දෙන්න

(යොහාන් භාසුර)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් දෙමින් පාසල් දියුණු කිරීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පලාත් සහ කලාප මට්ටමින් ලැබිය යුතු දායකත්වය පිළිබඳ ආණ්ඩුකාරවරු සහ පළාත් ලේකම්වරු දැනුවත් කරමින්  අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙසේද සඳහන් කළාය.

"ඉතාම හොදින් සැලසුම් කරමින් ක්‍රියාත්මක කරන්න නියමිත අධ්‍යාපනය  පරිවර්තනය පිළිබඳ  සාකච්ඡා කර නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවල සහය අවශ්‍යයි.  ජාතික ප්‍රතිපත්තිය සහ පළාත් සභා ක්‍රියාවලිය ඒකාබද්ධ කරමින්  මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතුයි.  අධ්‍යාපන ප්‍රතිපත්තිවල පරස්පරතාවයක් ඇති නොවන විදිහට පවත්වාගෙන යෑමේ වැදගත්කම අපිට හොඳටම දැනිලා තියෙනවා. විශේෂයෙන්ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණ වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි. ඒකේ අවසාන ප්‍රතිලාභය ලැබිය යුත්තේ පාසල් යන දරුවන්ට සහ ඒ දෙමව්පියන්ට වගේම ඒ පවුලටයි.  අපි ගන්න  හැම තීරණයක්ම ගත යුත්තේ දරුවා ගැන හිතලයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී  අපිට අභියෝග දෙකක් තියෙනවා. එකක් පවතින අධ්‍යාපන ක්‍රමය  වෙනස් කරන්නත් ඕනේ. වෙනස් කරන ගමන් තියෙන ක්‍රමවේදය ටික කාලයකට පවත්වාගෙන යන්නත් ඕනේ" යයි  අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.



අදහස් (0)

දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට මුදල් වැඩියෙන් දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site