IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අපදාවට ලක් වූ ඉන්දීය යාත්‍රාවක ධීවරයෝ බේරා ගැනෙති

(ගයාන් සූරියආරච්චි)

ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට ලක්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෝ සිව්දෙනෙක් නාවික හමුදාව විසින් ඊයේ (6) නිරුපද්‍රතිව බේරාගනු ලැබූහ.

මෙම ඉන්දීය ධීවරයින් සිව්දෙනා ඉන්දියාවේ මිනිකෝයි දුපතේ පදිංචි පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම පිරිස දික්ඕවිට වරායට  රැගෙනවිත් අවශ්‍ය වැඩිදුර සහන සැලසීම නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බළකාය විසින් සිදු කරනු ලැබීය.

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරක‍ට අනුව නාවික හමුදාව ක්‍ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් එම ඉන්දීය ධීවරයන් පිරිස බේරාගත්තේය. 

එම ඉන්දීය ධීවර යාත්‍රාව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජූනි මස 9 වැනිදා සිට සන්නිවේදන සබඳතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මෙරටට දන්වා තිබුණි.‍ෙ

ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් හලාවතට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ ආපදාවට පත්ව ක්‍රියා විරහිතව තිබූ එම ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් බේරාගනු ලැබීය.

මූලික වෛද්‍ය පරීක්‍ෂණයන්ගෙන් පසුව එම ඉන්දීය ධිවරයින් පිරිස ඉදිරි කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

 



අදහස් (0)

අපදාවට ලක් වූ ඉන්දීය යාත්‍රාවක ධීවරයෝ බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site