IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සුජීව සේනසිංහ ප්‍රකාශයක් දීම හය වතාවක් මග හැරලා

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ලබන  16 වැනිදා අධිකරණයට  ඉදිරිපත් කරන ලෙසත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කළාය.

රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී වී8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස්  කිරීමේ සිදුවීමට අදාළ නඩුව කොටුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නිලුපුලී ලංකාපුර මෙනවිය එසේ  නියෝගය   කළාය.

එහිදී අදහස් දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී වී 8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස් කළ බවට චෝදනා එල්ල වී තිබෙන සුජීව සේනසිංහ මහතා  එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම අවස්ථා හයකදී මගහැර ඇති  බවය.

ඔහු පදිංචිව සිටි කොල්ලුපිටියේ නිවසට අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇතත් නිවස ඉබි යතුරු දමා වසා දමා ඇති බව රජයේ අධිනීතිඥවරයා කීය. විමර්ශනයට සහාය නොදෙන්නේ නම් සැකකරුවෙක් ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගතහැකි බව අධිනීතිඥවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

ශක්ති ජාගොඩආරච්චි මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් අදාළ නඩුව පසුගියදා කොටුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ සුජීව සේනසිංහ මහතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ ගතවී ඇති බවයි. එසේම ඔහු තව දින කීපයකින් මෙරටට පැමිණෙන බවද ජනාධීපති නිතිඥවරයා පැවැසුවේය.

එම අවස්ථාවේ රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා සිටියත් ජනාධීපති නිතිඥවරයා ඊට විරෝධය පළ කළේය. ජනාධිපති නිතිඥවරයා සේවා දායකයා විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක කරුණූ දැක්වීම යුක්ති සහගත නොවන බවය. කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශක්ති ජාගොඩආරච්චි මහතාට කරුණු දැක්වීමට මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අවසර ලබා දුන්නාය.

සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉහත නියෝගය කළ අතර  ඒ අනුව නඩුව එළැඹෙන 16  වැනිදා යළි කැඳවීමට නියමිතය.



අදහස් (6)

සුජීව සේනසිංහ ප්‍රකාශයක් දීම හය වතාවක් මග හැරලා

අරවින්ද මොණරවිල Monday, 07 July 2025 06:18 PM

බනානා සුජියා හැංගිලා, දැන් තමයි මිනිහගේ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරන් තියෙන්නේ ! බැඳුම්කරේ වංචාව වෙන් ගත්තු සල්ලි ගැන කියන්නත් ලැහැස්ති වෙලා වරෙන් මල්ලි...

:       1       47

ravin Monday, 07 July 2025 09:32 PM

කෙසෙල් ගෙඩිවල නම ලියන වැඩේ හිතන තරම් ලේසි නෑ... රටේ දියුණුව ගැන පුරසාරම් දෙඩෙව්වාට බෙහෙත් ගන්න යන්නේ පිටරටලු...

:       0       0

සෙනෙවිරත්න Monday, 07 July 2025 11:16 PM

සජිය වටේ හිටයෙ මුන් තමයි ඉතින් හොරු අල්ලයිද සජිත්?. රටේ වාසනාවට අතුගෑවිලා ගියේ

:       0       0

කව්ද බෝයි Tuesday, 08 July 2025 08:55 AM

මේ ගොල්ලන්ට බලයේ ඉන්න කොටත්, බලයේ නැතිකොටත් සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලෙන්, නැත්නම් වෙනත් විදේශීය උසස් ඝනයේ රෝහලකින් ප්‍රතිකාර. රටේ සාමාන්‍ය ජනතාවට විෂබීජ සහිත කෙහෙළිය ලුණුවතුර බෙහෙත්....

:       0       3

Perakum Tuesday, 08 July 2025 11:57 AM

ඔය කියන ලෙඩේ ජීවිතේට සනීප වෙන එකක් නෙවෙයි. එයා ආපහු ලංකාවට එන්නෙ නෑ

:       0       5

mahesh Tuesday, 08 July 2025 04:35 PM

මෙලෝ වැඩක් නැති කෙනෙක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site