
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ අද (7) විභාගවීමට නියමිත නඩුවක් සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන ආ රැදවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙත් මිදි පලාගොස් තිබේ.
2025.මැයි 29 වන දින ඇල්පිටිය පැලැන්දගොඩ ප්‍රදේශයේ නිවසකින් රුපියල් 550,000 ක් වටිනා රන්භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඉකුත් මැයිමස 30 වනදා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇත.
මොහු සෙවනගල ,එකමුතුගම,07 කණුව ප්‍රදේශයේ පදිංචි කරුවකු බවද පොලිසිය පවසයි .
ගාල්ල බන්ධනාගාරගතව සිටි මෙම සැකකරු ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එමින් සිටියදී මෙසේ පළාගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd