IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෙහෙළියට සිතාසි

(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කළ බවට පවරා ඇති නඩුව සඳහා ලබන 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.

නඩු විභාගය ආරම්භ කිරීම සඳහා විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙන සියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කෙරිණී.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වන මහේන් වීරමන් (සභාපති), අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එලෙස සිතාසි නිකුත් කළේය.

එලෙස සිතාසි නිකුත් කරන ලද්දේ බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රිියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය(විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී ඇත), සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැත්තන්ටය.

අධිචෝදනා 13 ක් යටතේ විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව වෙන වෙනම නඩු පවරා ඇති නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න පිරිසක් සහ නඩු භාණ්ඩ 300ක් පමණ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව දැනුම් දී ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන සාක්ෂිකරුවන් 350 අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ” නිමල් සිරිපාල ද සිල්වා” විජේදාස රාජපක්‍ෂ” ඩග්ලස් දේවානන්ද” රෝෂාන් රණසිංහ මෙන්ම ඖෂධ වල ගුණාත්මකභාවය පරීක්‍ෂා කර වාර්තා කිරීමට පත් කළ විශේඥ වෛද්‍ය කමිටුවේ සාමාජිකයින්ද වෙති.

සමාජයේ මහත් කැළඹීමක් ඇති කළ මෙන්ම ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවු මෙම සිද්ධියට අදාළ නඩුව නොපමාව විභාග කර තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා ලිපියක් මඟින් අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කර ඇත.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති එන්නත් වෙනුවට ඖෂධ නොවන වෙනත් ද්‍රවණ සහිත කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක රජයේ මුදල් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ අදාළ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදී ඇති ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘හියුමන් ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව අදාළ ඖෂධ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇති අතර ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” වල මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් වල ලුණු වතුර අඩංගු බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාවක් මඟින් දැනුම් තිබිණී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘හියුමන් ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් බෙදා හැරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතු`ථ විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලකට අනුව රහස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරිණී.

සිද්ධියට අදාළව වසරකුත් මාස 08ක කාලයක් පුරා රහස් පොලිසිය කළ විමර්ශන වලින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.



අදහස් (5)

කෙහෙළියට සිතාසි

P D GOONAWARDENE Tuesday, 08 July 2025 08:12 AM

අනේ යන්න ඇතුලට ආයේ නොඑන්නම...

:       0       2

අරවින්ද මොණරවිල Tuesday, 08 July 2025 09:35 AM

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සපයා රජයට කෝටි ගණන් පාඩු කෙරුව එකට විතරක් නොවෙයි, ඖෂධ නමින් ව්‍යාජ ද්‍රව්‍යයන් සපයා සාපරාධී ලෙස මනුෂ්‍ය ඝාතනය කරන්න කුමණ්ත්‍රණ කිරීම සහ මනුෂ්‍ය ඝාතනය කිරීම යන චෝදනා වලට වෙනම නඩුවක් විරුද්ධව පවරන්න ඕනෑ.

:       0       9

Perera Tuesday, 08 July 2025 12:16 PM

මනුෂ්‍ය වෙසින් ඉන්න යක්ෂයෙක් මූ

:       2       19

චින්තක Tuesday, 08 July 2025 02:23 PM

ලෝකේ තියෙන දරුණුම රෝග හැදිලා විඳවලා මැරෙන්න ඕනෑ පවුලක්...

:       1       6

Pradeep Kumara Tuesday, 08 July 2025 04:58 PM

මෑතකදී බොහෝ දෙනෙක් වැරැදියට භාවිතා කරන වචනයක් බවට පත් වී ඇති "ඉමියුනොග්ලොබින්" යන නමින් ඖෂධයක් නොමැති අතර එය "ඉමියුනොග්ලොබියුලීන්" ලෙස නිවැරැදි විය යුතුයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site