
(රෝෂන් තුෂාර)
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාරව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න සැකකාරියගේ දියණිය ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග නියෝග කළාය.
කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ කුරුඳු වත්තේ පදිංචි හේමාලී විජේ රත්න සැකකාරිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පසුගිය සිකුරාදා දින අධිකරණ භූමියේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල් වත්ත පොලිසිය එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර අල්ලස් කොමිස මේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමද තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අදාළ පැමිණිලි දෙකම සලකා බැලීමෙන් පසුව මෙසේ වෙන් වෙන් වශයෙන් ලබන නමවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සැකකාරිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් සඳහන් කර සිටියේ විදේශයක ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඇ‘ය මැරෙනවා‘ යැයි කිවූ දේ මරණවා යැයි වෙනත් විදිහකට වටහාගෙන මෙම පැමිණිල්ල කර ඇති බවය.
ලබාල තැනැත්තියක් බැවින් ඇයට ඇප නියම කරන ලෙසද නීතිඥවරුන් ඉල්ලා සිටියේය.
(ඡායාරූපය: සුමුදු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඉංග්‍රීසි වලින් බනින්න තිබුණනේ... මොන එහෙකටද නොදන්න සිංහලෙන් බනින්න ගියේ... හොඳ වැඩේ...
මේක අහලා මටත් හිතෙනවා මැරෙන්න, ඒත් ලාබාල වුණත් මැයටත් බත්කටක් කවාගෙන ඉන්න එක ඊටත් වඩා හොඳයි කියලත් හිතෙනවා.
රට රටවල් වල ඉගෙන ගත්තත් වැඩක් නැහැ, තැනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැත්තන්...
ඇය නිදහස් කිරීමට පෙර තේරෙන භාෂාවෙන් අධිකරණයේදී තදින් අවවාද කරාවි...
ඇය කියපු වචනය තේරුම් ගැනීමටවත් බැරි පොලිසිය හා අල්ලස් කොමිසම... අද්භූත
ඔක්කොටම හපන් මේ වගේ අපරාධකාරයෝ බේරාගන්න ඉදිරිපත්වන නීතිඥයෝ... හැබැයි දැන්නම් මිනිස්සු රැල්ලක් වගේ අපරාධකාරයෝ බේරාගන්න නීතිඥයෝ කෙරෙහි ප්‍රසිද්ධියේම අප්‍රසාදය පලකරනවා.
රස්තියාදුකාරියක් වගේ පෙනෙන්නේ...
මෙය බොහෝ විට තමන්ගේ මව අත් අඩංගුවට ගැනීම නිසා ඇතිවූ මානසික පීඩනය නිසා කියැවුණු දෙයක් විය හැකිය.
අහිංසක ලෙඩ්ඩු විකුණගෙන කාපු සල්ලි වලින් කාපු නුඹලාට හොඳක් වෙන්නේ නැහැ. තව එනවා මෙතන සද්දේ දාන්න.
මට නම් හිතෙන්නේ ඔය එකේ අයටත් ඕකේ බත් කන්නවෙයි වගේ.. මොකො කිව්වොත් හරිම අතාත්වික නඩු හබ තමයි එන්නේ... මේ දොස්තර විතරද දන්නේ නැහැ ඕකේ ඔපරේසන් කරේ.. තියටර්එකේ තව බල්ලෙක්වත් ඉඳලා නැහැ වගේ...!
අතේ පිරිත් නූල් ගැට ගහපු හාමුදුරුවෝ. දන්නෙම නැත්ද මෙයාගේ අම්ම කරලා තියෙන අපරාධ. අසරන ලෙඩ්ඩුන්ට. මේ වගේ හිරිකිත වැඩකරන අයට ලැජ්ජාවක් නැත්ද පිරිත් නූල් බැඳ ගන්න. එදිනෙදා වැඩ කරන මිනිහගෙ අතේ මොන නූලක්වත් නැහැ.
මේ වගේ අය බම්බලපිටියේ ගාලු පාර අයිනේ හවසට ඉන්නවා.
අම්මටත් දුවටත් හරි අධ්‍යාපනයක් ලැබිල නෑ.... නැත්නම් අම්ම ඔහොම හොරකම් කරයිද, දුව ඔහොම කථා කරයිද?. අයථා ඉපයීම් සියල්ල රාජසන්තක කර දඬුවම් ලබාදිය යුතුයි.
කවුරු හරි බැතිමතෙක් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඔහුට හෝ ඇයට ආශීර්වාද කරන්න කියපුවාම ආගමික වතාවත් කරලා පිරිත් නූලක් බඳින එක සම්ප්‍රදායක්... පූජාභූමියකට පැමිණි ඕනෑම පුද්ගලයෙක්, සැදැහැවතෙක් හැටියට තමයි මහා සංඝ රත්නය පිළිගන්නේ නැතිව සේවාදායකයකු හැටියට නෙවෙයි.
පේනවානේ, අම්මා තාත්ත එකතුවෙලා සල්ලිම හම්බකරලා, ළමයින්ට ගුණදහම් කියලා දීලා නෑ. දැන් ඉතින් අපේ සල්ලිවලින් උන් හදන්නත් වෙලා තියෙන්නේ. අර අයියා "එංගලන්තේ" කියලා තිබුණා. මේ කෙල්ලට අහන්න කියන්න — “ඉංගලන්තේ උසාවියේ ඔහොම කියන්න පුළුවන්ද කියලා. මේ වගේ බඩජාරී “දොස්තරලා” වෙනවාට වඩා හොඳයි හිඟා කන එක. කාලකන්නි!
ලංකාවට ඉන්න එකම එක ස්නායු ශල්‍ය වෛද්‍යවරිය. ලංකාවට ඉන්න ස්නායු ශල්‍ය වෛද්‍යවරු 19 දෙනාගෙන් එක්කෙනෙක්. තමන්ගේ කෙනෙකුට මොලයේ ශල්‍ය කර්මයක් කරගැනීමට නොහැකි වීමෙන් මියයනවිට සිහිවේවි අපහාසයේ මහත...