පළාත් දෙකකට නව ප්‍රධාන ලේකම්වරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා ප්‍රධාන ලේකම්වරු පත් කර ඇත. 31 January 2025
බෞද්ධාලෝක වෙසක් කලාපයට රාජ්‍ය අනුග්‍රහය කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව පැවැත්වීමට ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන වල දායකත්වය ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. 31 January 2025
ඔක්කොම එකතුවෙලා තියෙන්නේ දඬුවම්වලට බයේ බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්ෂණ සහ දඬුවම් නතර කර ගැනීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය වැල්වැටිතුරේදී අද (31)පැවසීය. 31 January 2025
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිරතාවකට ලක්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 31 January 2025
කටුනායකින් මැණික් තොගයක් අල්ලයි රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය ගුද මාර්ගයේ සගවා ගෙන, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (31) දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. 31 January 2025
මාවෙයිට ජනපති අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට ජනාධිපති අනුර කුමර දිසානායක මහතා විසින් අවසන් ගෞරවය දැක්වීම අද (31) සිදු විය. 31 January 2025
පැල් රකින්න ගිය අයෙක්ට වල් අලියකු පහර දීලා මත්තල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයකු හේනේ පැල් රැකීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී පස්වරු 5 ට පමණ ඉදිරියට පැමිණි වන අලියකු යතුරුපැදිය සමඟ ඔසවා විසිකර ඇතැයි පොලිසිය පවසයි. 31 January 2025
තරුණයාගේ ඝාතනයට 11 ක් පෝරකයට ඌව පළාත් බදුල්ල මහාධිකරණයේ දී විභාග වූ ඌවපරණගම ගලහගම මිනීමැරුම් නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය. 31 January 2025
බලංගොඩ ඉහළ ගලගම මාර්ගය නාය යයි බලංගොඩ බෙලිහුල්ඔය ඉහළ ගලගම මාර්ගයේ නාය යැමක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනට සම්පුර්ණයෙන්ම බාධා ඇති වී තිබේ. 31 January 2025
ලියවිලි නැතිව ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයෝ 3065 ක් අවදානමේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමග ඇමෙරිකාවේ නිසි ලියකියවිලි නොමැතිව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 3065 ක් මෙරටට පිටුවහල් කිරීමේ අවදානමක් මතුව ඇතැයි පැවැසෙයි. 31 January 2025
යාපනයේ සම්බන්ධීකරණ කමිටුවට ජනපති යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් පළමුව යාපනයේ පැවත්වෙන දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව වෙතට සහභාගී වූවේය. 31 January 2025
තෙල් සංස්ථා ලොක්කාට ඇප හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ වන පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිපාදන ලබාදීම සඳහා කටයුතු කර රාජ්‍ය දේපළ අවභාවිතයට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්යක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (31) නියෝග කළේය. 31 January 2025
පෝෂණ සැසිය රැස් වෙයි මෙරට බෝවන මෙන් ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් ඉහත රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා සේ ම රෝග වළක්වා ගැනීම හා පාලනය සඳහා ප්රමුඛත්වයක් ලබා දී කටයුතු කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ 2025 වර්ෂයට අදාල වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයට එක් වෙමිනි. 31 January 2025
සජබ - එජාප මැතිවරණවලට එකට එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. 31 January 2025
නිවාස අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බි.එම්. රණතුංග මහතා ඊයේ (30) එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 31 January 2025
පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි සේදවත්ත ගබඩාවක වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තිබි මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු කිලෝග්‍රෑම් 25 ඇසුරුම් 30000ක් ඊයේ (30) සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 31 January 2025
සංචාරක කර්මාන්තයට ආසියා සංවර්ධන බැංකුවෙන් සහය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද(31)වන දා පැවැත්විණි. 31 January 2025
අයියාගේ පිහි පහරින් නැගණිය මරුට ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් අයියා විසින් ගුරුවරියක්වු තම නැගණියට පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදි අද (31) අලුයම ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. 31 January 2025
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ සහ කොටගල අතර ඩෙවෝන් ගේට්ටුව අසලදී අද (31) උදෑසන විශාල පස්කන්දක් දුම්රිය මාර්ගය ට කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 31 January 2025
සැරයන්ගේ යතුරුපැදිය ලිස්සා ගොස් කෝච්චියක හැපිලා අධික වැසි සමඟ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් ගමන් කරමින් තිබූ දුම්රියක හැපීමෙන් වවුනියාව පොලිසියේ සැරයන්වරයකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බව වවුනියාව පොලිසිය පවසයි. 31 January 2025
වැඩි මිලට සහල් විකුණූ සුපිරි වෙළඳසැලකට ලක්ෂ 10 ක දඩයක් උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අළෙවි කළ සුපිරි වෙළඳසැලකට මෙතෙක් ඉහළම දඩය ලෙස රුපියල් ලක්ෂ 10 ක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 31 January 2025
ජල මණ්ඩලය සුද්දෙකුට කෝටි 54ක් පුදලා ජල සම්පත් මණ්ඩලයේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම අතරමග නතරවීමෙන් නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරුට ගෙවා තිබූ රුපියල් කෝටි 54 කට වැඩි අත්තිකාරම් මුදල නාස්තිවී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 31 January 2025
තෙල් සංස්ථාවේ ලොක්කෙක් අත්අඩංගුවට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් එහි හිටපු කළමනාකාර අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි . 31 January 2025
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 January 2025
හිනිදුම වෙඩි තැබීමකින් තුනක් මරුට හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 31 January 2025
චීන සමාගමක් මදි නොකියා බෝනස් දීලා චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර ගෙන ඇත. 31 January 2025
කන්ටේනර් සිද්ධියට බස්නාහිර ආණ්ඩුකාර සී.අයි.ඩී යයි ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පවසයි. 30 January 2025
ජෙරොම් විදෙස් තහනම ලිහිල් නොවේ ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. 30 January 2025
රනිල් කැඳවූ සාකච්ඡාවට සජබ නියෝජිතයොත් ගිහින් රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) පැවසීය. 30 January 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026