
(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය , ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ මහා වන මැද කම්කරුවන් රැඳී සිටි වාඩියක ඊයේ(19 ) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් පහර කෑමකට ලක්ව එක් අයෙකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සීගිරිය පොලිසිය කියයි.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එම වාඩියේ සිටි අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර .තුවාල ලබා ඇති පුද්ගලයාට පහර දුන් අයකුද එම වාඩියේම සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වැඩ පාලකවරයෙකු ලෙස සේවය කළ පොල්පිතිගම මොරගොල්ලාගම , රඹේ, ප්‍රදේශයේ පදිංචි ක්‍රිස්නන් රාජ් කුමාර්( 55 ) නැමැත්තෙකු බව පොලිසිය සඳහන් කළේය.
දඹුල්ල ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ දැව ඉවත් කිරීමේ කොන්ත්‍රාත් ලබාගෙන සිටි අයෙකු සේවා සඳහා යොදාගෙන සිටි කම්කරුවන් පිරිසක් මහ වන මැද වාඩි තනාගෙන නැවතී සිට තිබේ.
ඔවුන් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් ඇති වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් සාදයක් අතරතුර සුපුරුදු ලෙස සිදුවන අප්‍රසන්න, ශෝකජනක සිදුවීමකි.