
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටස් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියව අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර නුගගොඩ නිවසට ගියද එම සැකකාරිය සහ ඇයගේ සැමියා නිවසේ නොසිටි බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුතා වන රසික විතාන මතුගම නගරයේදී එම සැක කටයුතු ජීප් රථය සමඟ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී එය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන් ඔක්කොම යාළුවෝ මල්ලි
බලාගෙන ගියාම, ඉස්සර දේශපාලනය කරපු අයගේ දුවල පුතාල, බෑනලා සහ ලේලිලා, ජාතික ධනය හොරකම්මයි කරලා තියෙන්නේ. දැන් ඉන්න අයටත් ඒ ලෙඩේ බෝ වෙයිද දන්නේ නැහැ. අපි බලාගෙන ඉමු.
රත්තරන්ගේ අනීතික මුදල් විශාල වශයෙන් තියෙන්නේ ඉතාලියේ ඉන්න ලංකාවේ හෙංචයියෝ ළඟ. ඉතාලි මූල්‍ය අපරාධ පොලීසිය සමග එක්ව පරීක්ෂණ කරලා මේවා සොයාගන්න...
ඉතාලියේ දෙපළ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ඔහුට අයත් නිවස තියෙන්නේ "මොදනා" නුවර. තව බොහෝ විස්තර පසුවට.