
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුව අවට දියවන්නා ඔය කළු පැහැවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.
දියවන්නාවට ඉහළ ප්‍රදේශවල ජනතාව බැහැර කරන අපද්‍රව්‍ය සහ වාහනවලට සේවා සපයන ආයතන වලින් විශාල වශයෙන් බැහැර කරන කළුතෙල් මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව පරිසර අංශ නිලධාරීහු සඳහන් කරති.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ පින්නියර කලාපය අවට දියවන්නාවේ ජලය මේ වනවිට බෙහෙවින්ම කළු පැහැ ගැන්වී ඇත. මාදිවෙල ඇළ මාර්ගය ඔස්සේ පැමිණෙන අප ජලය හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බව පරිසරවේදීහු සඳහන් කරති. මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් වැඩි ඈතක නොගොස් මුළු දියවන්නාවම කළු පැහැගැන්වීමේ අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේ දී පැවැත්විණ. මේ අනුව දියවන්නාවට අපද්‍රව්‍ය සහ කළු තෙල් බැහැර කරන පිරිස් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. මෙම සාකච්ඡාවට පොලිසියේ නිලධාරීහු පිරිසක්ද පරිසර බලධාරීහු කණ්ඩායමක්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති තිබුණාට මෙතෙක් කල් ඒවා දේශපාලු බලයෙන් යටපත් කරගෙන හිටියාට ඉස්සරහට ඒවා බැරිවෙයි වගේ. අපේ සුබ පැතුම්...
මං හිතුවේ පච දියවෙලා කියලා...
පච සංයුතියේ වෙනසක්...
JR ඔතන පාර්ලිමේන්තුව හැදුවේ නැත්තං අද කොච්චර පිරිසිදු පරිසරයක් ද?
රටේම නීති සම්පාදනය කරන තැනටත් නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බැහැර කරනවා නමි එමෙන්ම ඒවා නැවැත්වීමට තරම් හැකියාවක් රජයට නොමැති නම් හිතාගන්න පුළුවන් ඒ කොතරම් දුර්වල රාජ්‍යයක් ද කියලා.