අධ්‍යාපනයේ ගොඩනැගිල්ලක අකුණු සන්නායකය ගලවන් ගිහින් බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනත සවිකර තිබු රුපියල් ලක්ෂ ගණනාවක අකුණු සන්නායක තබ පටි තොගයක් එහි සේවය කරන කිසියම් අයකු හෝ කණ්ඩායමක් සොරාගෙන ඇතැයි තලංගම පොලිසිය කියයි. 22 November 2024
IMF - සජිත් අතර හමුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී සිදුකෙරිණ. 22 November 2024
ජනපති ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බාර ගනී එක අරමුණකින් වැඩ කර මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 22 November 2024
IMF තුන්වන සමාලෝචන සාකච්ඡාව සාර්ථකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 22 November 2024
ජනාධිපති ලේකම්- ජපාන තානාපති අතර හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. 22 November 2024
කොස්ලන්දෙන් හිස නැති මළසිරුරක් හමුවෙයි කොස්ලන්ද අලුත්වෙල හාමිනාකන්ද රක්ෂිතයේ තිබි හිසකදින් වෙන්ව ඝාතනයට ලක්වූ තරුණයකුගේ මළසිරුරක් අද (22) පස්වරුවේ සොයාගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි . 22 November 2024
අල්ලස් ගත් විදුහල්පතිනියගේ ඇපෑල විසිවෙයි 2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකාරිය ලබන 06 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (22)නියෝග කළේය. 22 November 2024
උසාවි නියෝගයෙන් අධිවේගී රක්ෂිතයේ නිදන් වස්තු සොයයි වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු ඇතැයි කියන ස්ථානයක් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරන ලෙසට අත්තනගල්ල අධිකරණයේ නියෝග මත ඊයේ (21) උදේ කැණීම් කටයුතු ආරම්භ කරන ලද අතර පස්වරු 4.00පමණ වන විට කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව මහවැසිමැද එම කටයුතු අද දිනය දක්වා කල් තැබීමට පොලිසියට සිදුවිය 22 November 2024
උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 22 November 2024
යුක්රේනයට අවි දුන් රටවලට පුටින්ගෙන් රතු එළි රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට රුසියාවට අයිතියක් තිබෙන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය ජනාතව අමතමින් පසුගියදා ප්‍රකාශ කළේය. 22 November 2024
මුහුදේ පාවී ආ පාර්සලය පුපුරා ධීවරයින් දෙදෙනකුට තුවාල මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහල්ගත කොට ඇතැයි මන්නාරම් පොලීසිය පැවසීය. 22 November 2024
විද්‍යා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පත් කරයි ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබේ. 22 November 2024
බත්තරමුල්ලේදී මෝටර් රියක් ගිනි ගනී බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවසයි. 22 November 2024
ඊ.පී.එෆ්.අය කරගන්න පෞද්ගලික නඩු 14,096ක් සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096ක් පවරා ඇති බැව් ජාතික විගණන කාර්යාල පවසයි. 22 November 2024
උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 22 November 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 22 November 2024
හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් සොයා ගනී ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල්ලේ හා පීපල්ස් පාර්ක් හිදි අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 22 November 2024
කාලගුණයෙන් දැනුම් දිමක් නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 November 2024
නෙදන්යාහුට වරෙන්තු යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. 22 November 2024
රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය. 22 November 2024
පාලම කඩා වැටී සේවකයා මරුට නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැද කම්බිවල සිරවීම හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත. 21 November 2024
මුස්ලිම් කොංග්රස් ජාතික ලැයිස්තුව නම් කරයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ. 21 November 2024
කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය කර ඇතැයි කිරුළපන පොලිසිය කියයි. 21 November 2024
කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ් රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 05 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) නියෝග කළේය. 21 November 2024
පාර්ලිමේන්තු තේ පැන් සංග්‍රහයෙන් දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැන් සංග්‍රහයට පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වීම විශේෂත්වයකි. 21 November 2024
නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති. 21 November 2024
ඔක්තෝම්බර් උද්ධමන අඩු වෙයි මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 21 November 2024
හරින් හැර හිටපු ඇමතිවරු CIDයට ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව ප්‍රකාශ දීම සඳහා රහස් පොලිසියට කැඳවනු ලැබු අමාත්‍යවරු සිව්දෙනාගෙන් තිදෙනෙකු රහස් පොලිසියේ පෙනී සිට ඇති අතර හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (22) දින රහස් පොලිසියේ පෙනී සිටින බව දැනුම් දී ඇත. 21 November 2024
අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙන්න ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. 21 November 2024
ඩග්ලස් දේවානන්දට වරනේතු නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (21) නියෝග කළේය. 21 November 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025