කෝටි දෙකක කුෂ් කටුනායකින් පන්නන්න බැරි වෙයි
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ’’ රක්ත මාවත ’’ (Red Channel) ඔස්සේ පැමිණි , ව්‍යාපාරික ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ඊයේ (31) දින පස්වරුවේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.