ආර්ථික මධ්‍යස්ථාන වල වැඩ බලන්න සමාගමක් හදයි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම පිණිස සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
ඔන්ලයින් පනත වෙනස් කරන්න කමිටුවක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
චීනය එක්ක ආර්ථික සහයෝගීතා ගිවිසුමක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය අතර කාර්මික සැපයුම් දාම්වල ආර්ථික සහයෝගීතාව ශක්තිමක් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,073ක් පුරවයි රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
බොරතෙල් නැව් හතරක් ගන්න ප්‍රසම්පාදනය සිංගප්පූරුවට මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
නව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් පත්වෙයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
පළාත් සභා නව පනත ඉදිරි සතියේ මැතිසබයට පළාත් සභා ඡන්ද විමසීම පනත සංශෝධනය සඳහාවූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට මීළඟ සභා වාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතය. 27 May 2025
’’නොනිදන කොළඹ’’ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ’’ සමුද්‍රිය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ ’’ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 May 2025
වසරේ පළමු මාස 5 තුළ සංචාරකයන් මිලියනයයි මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 27 May 2025
අපනයන මණ්ඩලයේ පිරිසකට අනුමැතිය නැතුව රන් කාසි බෙදලා අපනයන සංවර්ධන මණ්ඩලයේ වසර 25 සම්පූර්ණ කරන ලද සේවකයන් පිරිසකට 2023 වසරේදී රුපියල් හය ලක්ෂයකට ආසන්න වටිනා රන්කාසි රාජ්‍ය ව්්යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වෙයි 27 May 2025
බුදුගෙය කඩා මැණික් උස්සලා ලග්ගල ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු ගෙය කඩා මැණික් ගල් හතරක් සොයාගෙන ගිය පුද්ගලයෙකු බෝර 12 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 27 May 2025
නිරිතදිග මෝසම නිසා වැස්ස වැඩි වේ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්වය වැඩවීමක් ඉදිරි දිනවලදී බලාපොරොන්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 27 May 2025
ප්‍රංශ ජනපති නෝනාගේ සත්තම වියට්නාමයේ නිල සංචාරයකට ගිය ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී. 27 May 2025
දුම්රිය අවලංගු කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දුම්රිය ධාවනය සතියක් දෙකක් හෝ නවතා මෙරට දුම්රිය සේවය හදන බවත් දුම්රිය අවලංගු කිරීම පැහැදිළිවම සැළසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (26) පැවසීය. 26 May 2025
බලශක්ති ඇමති ලෝක උපයෝගිතා සමුළුවට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලෝක උපයෝගිතා සමුළුවට - (2025) සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා අද (26) පිටත්ව ගියේය. 26 May 2025
’’ගිණුමේ මුදල් ඇද්දේ කෙහෙළියගේ දුව’’ තමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක්වැල්ල මහත්මිය විසින් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුජා ලක්මාලි මහත්මියට අද (26) දැනුම් දුන්නේය. 26 May 2025
ජනපති - නවසීලන්ත නියෝජ්‍ය අගමැති හමුවෙයි නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් (Vinston Peters) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි සිදු විය. 26 May 2025
ක්‍රීඩා අමාත්‍යාංශයේ වෑන් රථයක් අනවසරෙන් රැගෙන ගිය රියදුරෙක් මාට්ටු ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වෑන් රථයක් නිසි අවසරයකින් තොරව රැගෙන ගොස් පුද්ගලික පරිහරණය කළ බව කියන රියදුරකු අද (26) අත්අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පොලිසිය කියයි. 26 May 2025
ආරක්ෂක නිලධාරීන්ට පහර දුන් බ්‍රිගේඩියර් අත්අඩංගුවට කොළඹ එස් එස් සි ක්‍රීඩාංගනයට නිල ඇඳුමින් සැරසී පැමිණ එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා බ්‍රිගේඩියර්වරයා අද (26) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 26 May 2025
හෙළයේ නිළි රැජිණ දැයට සමු දෙයි සමුගත් නිළි රැජිණගෙන් හිස්වූ අසුන සිරිලක සිනමා ක්ෂේත්රයේ සදාකාලික හිස්තැනක් වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍යය උත්සවයට ශෝක පණිවිඩයක් එවමින් අද (26) පැවසීය. 26 May 2025
අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ගුරුවරු විරෝධතාවයක සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාද අහිමි නොකරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ අද (26) විරෝධතාවක නිරත වූහ. 26 May 2025
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට සතියක කාලයක් දෙයි වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීමට සම්බන්ධ නිවැරදි කළ චක්‍රලේඛය සතියක් ඇතුළත වහාම නිකුත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අවශ්‍ය වුවහොත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (26) පැවසීය. 26 May 2025
පරිපූරක වෛද්‍ය සේවාවට 179ක් බඳවා ගැනේ පරිපූරක වෛද්‍ය සේවාවේ තනතුරු හතරක් ආවරණය වන පරිදි 179 දෙනෙක් අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ ලිපි ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (28) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි සිදුකෙරේ. 26 May 2025
සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ටෙන්ඩරයේ පෙත්සමට දින දෙයි සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා වන ටෙන්ඩරය ”රිවිදනවි පෞද්ගලික සමාගම” ට දීමට ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි 18 සහ ජූලි 07 වැනි දිනවල කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීරණය කළේය . 26 May 2025
සමන් දේවාලයේ බස්නායක නිලමේ නිලවරණ තහනම දීර්ඝ කරයි සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජූනි 20 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කළේය. 26 May 2025
මාලිනියගේ අවසන් හෝරාව සිංහල සිනමාවේ රැජන මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය කොළඹ 7 නිදහස් මන්දිරයේ සිට විශේෂ පීඨිකාව වෙත රැගෙන එනු ලැබීය. 26 May 2025
ජනපති සිංහ සමාජ හමුවක් මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට හා සමාජ සුභසාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහාය ලබා දෙන බව ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති සිංහ ෆැබ්රිසියෝ ද ඔලිවෙයිරා ( Fabrício Oliveira) මහතා පැවසීය. 26 May 2025
මදුරුවන් බෝ කරන පරිශ්‍ර 31,145 ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145 ක් හඳුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 26 May 2025
මාලනී ගැන ඇගේ වෛද්‍යවරයා කියන කතාව මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ සිටියදී කිසිම අවස්ථාවක මානසිකව කඩා නොවැටුණු බව ඇයගේ වෛද්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පැවසිය. 26 May 2025
බිංගිරිය සිසුවියගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක සිය දිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇත. 26 May 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026