(යොහාන් භාසුර)
රජය රෝහල්වල පවතින ඖෂධ සහ උපකරණ හිඟයට පිළියමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛනයෙන් ප්‍රායෝගික ගැටලු රැසක් මතුවන බවත් එම ගැටලු සහ අදාළ චක්‍රලේඛනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග කඩිනමින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැබෑ වගකීම වනුයේ චක්‍රලේඛන නිකුත්කර ඖෂධ හිඟය සඟවා දැමීම නොව සෞඛ්‍ය පද්ධතිය සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ අඛණ්ඩව ඉහළ ප්‍රමිතියකින් යුතුව සපයා දීම බවත් එම වගකීම පැහැර හරිමින් ඖෂධ හිඟයට විසඳුමක් නොදී කල්මැරීම වෙනුවට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ අත්හළ නොහැකි වගකීමට උරදීමට පාලකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩනමින් කටයුතු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාස් සුගතදාස මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන්වේ.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ එම චක්‍රලේඛනයට අනුව කුමන ඖෂධ හිඟදැයි දිනපතා සායන, බාහිර රෝගී අංශ, වාට්ටු, ශල්‍යාගාර, දැඩිසස්කාර ඒකක ඇතුළු සෞඛ්‍ය සේවා සපයන සියළුම ඒකක වෙත අධ්‍යක්ෂකවරු සහතික කර එවිය යුතු නමුත් බහුතරයක් රෝහල්වල එම කාර්ය මේ වන විටත් ක්‍රියාත්මක වී නොමැති බව ද එම නිවේදනය සඳහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඖෂධ හිඟයට වගකීමෙන් යුතු විසඳුමක් ඉල්ලයි
අරවින්ද මොණරවිල Tuesday, 22 July 2025 05:10 PM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම මතක් උනත් තමන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ වගකීම් අමතක වීම පුදූම සහගතය. රාජකාරි වේලාවේ පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන, තමන්ගේ ප්‍රයිවෙට් චැනල් එකට එන රෝගීන්ට රජයේ රෝහල් වල විශේෂ සැලකිලි දෙන හා නියමිත රාජකාරි නොකර රෝහල් තුල අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කාලය කා දමන වගේ වැරදි ප්‍රතිකාර හා සැත්කම් කරමින් ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන තම සමාජිකයන්ට එසේ නොකර ලෙස දැනුවත් නොකිරීමෙන් සංගමයේ ලේකම්වරයා ලෙස ඔහුද ඔහුගේ වගකීම පැහැර හැර ඇත. නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිමකර ඖෂධ ආනයනය කිරීමට වසර එකාමාරහක් පමණ ගතවෙන බැවින් මේ ඖෂධ හිගයට වර්ථමාන රජය කිසිසේත් වගකිව යුතු නැති බව රාජපක්ෂලා වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින වෛද්‍ය සංගමයට මතක් කර දෙන්න කැමතියි.