IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අයි.එම්.එෆ් පස් වන වාරිකයත් නිදහස් කළා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මූල්‍ය අරමුදලේ සමාලෝචන හතරක් අවසන් වී පස්වන වාරිකය මේ වන විට නිදහස් කර තිබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේද වැටුප් වැඩි විය යුතු බවට වන සාකච්ඡා අප පැවැත්වුවා. රට වට්ටලා තිබෙන තැනින් ඉදිරියට ගෙන යන විට ඒ කාර්ය කළ යුතුයි. එමෙන්ම උද්ධමනයකට මුහුණ දීමෙන් පසු මුදලේ අගය පහළ බැස තිබුණා. දැනෙන වැටුප් වැඩිවීමක් කරන්න අපට අවශ්‍ය වුණා.අපට තිස් දහසක් ලෙස වැටුප් වැඩි කරන්න අවශ්‍යවී තිබුණා.ඒ ගණන අදියර දෙකකින් වැඩි කරන්නට සේවා යෝජකයන් එකඟ වුණා.

සේවකයන්ගේ මූලික වැටුප ඉහළට ඔසවනවාට වඩා යම් යම් දීමනා ලබා දීම මීට පෙර කර තිබුණා.නිෂ්පාදන සහ ආයෝජන වැඩිකර වැටුප් මට්ටම් තවදුරටත් ඉහල නැංවීමට අප අදහස් කර සිටිනවා. ආයෝජන වැඩි කිරීම සඳහා වන ආණ්ඩුවේ වැඩ පිළිවෙල වේගෙන් සිදුවෙමින් තිබෙනවා. මූල්‍ය අරමුදලේ සමාලෝචන හතරක් අවසන් වී පස්වන වාරිකය මේ වන විට නිදහස් කර තිබෙනවා.රාජ්‍ය පාලනය පරිවර්තනය කිරීමේදී ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම පිළිබඳව මූල්‍ය අරමුදලේ ප්‍රශංසාව හිමි වී තිබෙනවා.වංචාව දූෂණය නැති ව්‍යාපාරික ආර්ථික යාන්ත්‍රණයක් අප අරඹා තිබෙනවා. ඒ නිසා ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමේ කටයුතු අප හොඳින් කරමින් සිටිනවා. ඉදිරියේදී විදේශීය මෙන්ම දේශීය ආයෝජන පැමිණීමට නියමිතයි.

ඇමරිකාවේ තීරු බදු සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.රට ඇතුලේ අපට තිබෙන අභියෝගය වන්නේ එකට එකතු වී ජනතා විශ්වාසය ගොඩ නගනවා වෙනුවට විපක්ෂයෙන් රට පසු පසට ඇදීමේ ව්‍යායාමයයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (0)

අයි.එම්.එෆ් පස් වන වාරිකයත් නිදහස් කළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site