වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය. 27 November 2024
දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (27) පැවැසීය. 27 November 2024
ලොව වයස්ගතම පිරිමියා මියයයි ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයකදී අභාවප්‍රාප්ත වී ඇතැයි ලෝක ගිනස් වාර්තාව අද (27) ප්‍රකාශ කළේය. 27 November 2024
E8 ගැන පැමිණිලි ගලයි E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. 27 November 2024
කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 27 November 2024
ඊශ්‍රායල් - හිස්බුල්ලා සටන් විරාමය බලාත්මක වේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අලුයම 4 ට බලාත්මක විය. 27 November 2024
උතුරු මැද පෙර පාසල් වහයි උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධිකාරියේ කළමණාකාර අධ්යක්ෂ නිලන්ත ඒකනායක මහතා පැවසිය. 27 November 2024
මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම ගොනු කළ රිට් පෙත්සම දෙසැම්බර් මස 4 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කළේය. 27 November 2024
ප්රභාගේ උපන්දිනයට කේක් කපලා එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්රභාකරන්ගේ උපන්දිනය නිමිත්තෙන් හිටපු පලාත් සභ මන්ත්‍රී.ඒම්.කේ.සිවාජිලංගම් ඇතුලු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි ප්රභාකරන්ගේ නිවෙසේදී කේක් කපා සැමරීමක් සිදු කර ඇත. 27 November 2024
අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 27 November 2024
කොළඹ -බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 27 November 2024
අපදා දැනුම් දෙන්න විශේෂ මැදිරියක් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. 27 November 2024
කාර්යාල සහායිකාවගේ ගමන් බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයා මාට්ටු එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ගණකාධිකාරීවරයෙකු , කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ . 27 November 2024
කලා ඔය නිම්නයේ පෙදෙස් හතරකට අනතුරු හැඟවීම් නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 27 November 2024
බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 27 November 2024
බෝවතැන්න ගලයි:ගම් 09ක් තනිවෙයි නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට නොහැකිව කොටුවී ඇතැයි මහවැලි අධිකාරිය කියයි. 27 November 2024
බඹරු ඇන 18 ක් රෝහලේ කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු කර ඇතැයි කියයි. 27 November 2024
‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ. 27 November 2024
ජලාශ බාර නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා නියෝගයක් නිකුත් කර තිබේ. 27 November 2024
වවිනියාවේ වැව් 125 ක් වාන් දමයි වැව් තුනක් කැඩිලා වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂෂා හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමා ඇති අතර වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පෙන්වා දෙයි. 27 November 2024
පුත්තලම -අනුරාධපුර පාරට ගහක් කඩා වැටෙයි වසර 100 පමණ පැරණි දැවැන්ත මාර ගසක් පුත්තලම අනුරාධපුර මාර්ගයෙ පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙදී ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි. 27 November 2024
උඩරට දුම්රිය මාර්ගයට කසල කන්දක් කඩා වැටෙයි උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගැනිමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පැවසිය. 27 November 2024
කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියකින් එළුවන් 23 දෙනෙකු පමණක් අභිජනනය කිරීමේ සිද්ධියක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 27 November 2024
කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට පොළොන්නරු දක්වා සීමා කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 27 November 2024
මන්නයකින් පහරදී අයෙක් මරලා හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 27 November 2024
බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව කාලගුණවිද්‍යා දෙපාර්තතමේන්තුව කියයි. 27 November 2024
කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින් කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යාම නිසා ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් 05 දෙනකු සමග ට්‍රැක්ටරයේ රියදුරු සහ සහයකයකු අතුරුදහන්වි ඇතිබව කාර්තිව් පොලිසිය පවසයි. 26 November 2024
කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා , මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත අද (26) දින රාත්‍රී හරවා යැවූ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 26 November 2024
ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. 26 November 2024
ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය. 26 November 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025