IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරු ධූරයට

 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නව  අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කෙරුණු   නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  අද (23) ඒකමතිකව අනුමත කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(23) රැස්විය. මේ අනුව ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වැනි අග විනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරි  ඉදිරි දිනවල දිවුරුම් දෙනු ඇත.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වැනිදා විශ්‍රාම ලබන්නීය.

ඇය ලබන 25 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය සමුගැනීමේ කතාව කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු  වන   ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු  ලෙසද කලක් කටයුතු කළේය.

මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන මහතාය. හෙතෙම පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙසද  කටයුතු කළේය

 



අදහස් (5)

ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරු ධූරයට

සාලිය දිසානායක Wednesday, 23 July 2025 11:20 PM

ඩීල් එක සම්පූර්ණයි.

:       0       4

Tasika Thursday, 24 July 2025 01:38 AM

දැන් ඉතින් හරි. අධිකරනයත් සුරක්ශිතයි. අල්ලස් කොමිසම, සී අයි ඩී සහ අධිකරනයෙ ඉහලම පුටුවල එකම අරමුනකට කැපවුනු අය සිටින විට වැඩේ අවශ්‍ය තැනට, අවශ්‍ය විදියට වැඩේ වෙයි.

:       3       5

අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 10:36 AM

හොරුන්ට මිනි මරුවන්ට හා වෙනත් අපරාධකරුවන්ට ඇග හීතල වෙන ප්‍රවෘත්තියක් මේක.... ඔවුන් වෙනුවෙන් කුලියට කඩේ යන මහත්වරුන්ට වැඩ වැඩි වෙයි ඉදිරියට !

:       4       5

dasun Thursday, 24 July 2025 12:33 PM

විශේෂයෙන්ම අධිකරණය නොමග යවන ජේෂ්ඨ ජනාධිපති නීතිඥයන්ට දැන් ඉතින් සිරුවෙන් ඉන්න වෙයි

:       0       2

කපුරුහාමි Thursday, 24 July 2025 01:13 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ අදිකරණය පවා දේශපාලණීකරණය කරලා තිබුනේ.යුක්තිය නීතිය සාදරනය කාටත් පොදුවේ ක්‍රියාත්මක කිරිමට සියලු සක්තිය නිරතුරුවම ලැබේවා .

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site