(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය පීටුපස සිටින්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර මහතා නොව ආණ්ඩු පක්ෂයේම පිරිසක් බවට ඔහු තුල සැකයක් ඇති වී තිබෙන බවට වු දුරකතන සංවාදයකින් තහවුරු වන බව සර්ව ජන බල පක්ෂයේ වැලිගම ආසන සංවිධායක පුෂ්පකුමාර බැට්ටගේ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
අකුරැස්සේ දී පැවති එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදාල මන්ත්‍රීවරුන් දෙදෙනා විනාඩි 20 ක පමණ කාලයක් අදහස් හුවමාරු කර ගන්න හඩ පටය ද මාධ්‍ය වෙත නිකුත් කෙරිණි.
මෙය වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේ අවසන් නාටකය විය හැකි බවත් ආණ්ඩු පක්ෂය මෙහෙයවන මෙවැනි පහත් නින්දිත ක්‍රියා තරයේ හෙලා දකින බවත් බැට්ටගේ මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම එහීදී පැවසීය.
පහත දැක්වෙන්නේ ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී තාරක නානායක්කාර මහතා හා විපක්ෂයේ සභාපති ධුර අපේක්ෂක සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර මහතා අතර කතා බහ වු හඩපටයෙන් කොටසකි.
ලසන්ත - ඔයාලගේ දිස්ත්‍රික් නායකයා කවුද ඉන්නේ ?
තාරක- මම එයාට එදා උදේම කිව්වා.මෙහෙම දෙයක් වෙලා තියෙනවා ෂුවර් එකටම ලසන්ත නෙවෙයි කරලා තියෙන්නේ.සියයට 99 කට වඩා මට ෂුවර් කියලා ඌව බොරුවට අත්අඩංගුවට ගන්න යන්න දෙන්න එපා කියලා.කලින් තර්ජනයක් තිබුණා කියලා ඒකයි මේකයි නිකං අහසට පොලොව වගේ කතාවක්නේ.ඒක නිසා නිකං දේශපාලන දේවල් වලට මේවා බොරුවට පටලවන්න එපා කියලා මම පැහැදිලිවම කිව්වා.මට අනාවරණය වෙලා තියෙනවා.මෙයාගෙන් නෙවෙයි මේක ආවේ.ඒ නිසා කරුණාකරලා බොරුවට මිනිහව අත්අඩංගුවට ගන්න එපා කියලා මම කිව්වා.
ලසන්ත - පලවෙනියට මම ඔයාට කතා කරද්දී මම ඔයාට තර්ජනයක් කළේ නැහැනේ ?
තාරක-ඒක හරි මම පැහැදිලිව කිව්වා.මට තර්ජනයක් කලේ නැහැ කියලා.
ලසන්ත - එතකොට ඔයා මාත් එක්ක සුහදව කතා කරලා හිටපු කෙනා.බලන්නකෝ පක්ෂයට ඕන විදියට මිනිස්සු හිර කරන හැටි.
තාරක- ඔව් මට එපා වෙලා තියෙන්නේ.මම තවම තීරණය කරලා නැහැ.24 වැනිදා එනවද නැද්ද කියලා පනහට පනහ තියෙන්නේ එහෙම දෙයක් වෙලා තිබ්බොත් මම එන්නේ නැහැ අනිවාර්යයෙන්ම.
ලසන්ත - සමහර විට ඔයා දන්නෙත් නැතුව ඇති. පක්ෂයෙන් මේ වෙඩි තිබ්බා කියලා.ඔයාට සැකයක් නැද්ද ?
තාරක- නැත්තේ නෑ.නැත්තේ නෑ.එහෙම සැකයක් මට තියෙනවා.මට ඒක තහවුරු වුනොත් මොන මහත්තයා කිව්වත් මම එන්නේ නැහැ.
කෙසේ වෙතත් මෙම දුරකතන සංවාදයෙන් පසු යලිත් වරක් ජාතීක ජන බලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර මහතාට ඇමතුමක් ලබා දී පෙර සංවාදය රෙකොඩ් කිරීම සම්බන්ධයෙන් විමසා තිබෙන බව බැට්ටගේ මහතා කීවේය.
එම දෙවැනි දුරකතන සංවාදයද ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කලේය.එම සංවාදයේ කොටසක් පහතින් දැක්වේ.
තාරක - ඊයේ සිද්ධිය කෝල් රෙකෝඩ් කලානේ.මාධ්‍යට දුන්නා නේද ?ඒක මීඩියා වලටත් දීලනේ.
ලසන්ත - කවුද මම
තාරක-මම ඉතීං වෙන කාත් එක්කද කතා කලේ
ලසන්ත-මගේ ෆෝන් එක ටැප් කරලද දන්නේ නැහැ.
තාරක-කෝල් රෙකෝඩින් එකත් දැන් ගිහින් තියෙන්නේ මීඩියා වලට.හවස් වෙද්දී දැන ගන්න ලැබෙයි ඔක්කොටම.රෑ නිව්ස් වලට යන සීන් එකක් තමයි තියෙන්නේ.එහෙම වුනොත් උදේට ඔයා ඇවිත් මට වෙඩි තියලා යන්න.ඒක ඊට හොදයි.මොකද දැන් පක්ෂයෙන් දීලා තියෙන ආරක්ෂාවත්.කොහොමත් ඒකටත් කෙල වෙනවා.දැන් ගෙදරිනුත් යන්න වෙනවා.
ලසන්ත - කොහොමද මාව රිමාන්ඩ් කරන්න දගලපු දැගලිල්ල.
තාරක - ඒක හරි ඉතිං. චින්තකලානේ.ඒක මට කරන්න දෙයක් නැහැ.මම හැම තිස්සෙම වැරදි නොකරපු මනුස්සයෙක්ට චෝදනාවක් කරන්න මම මැදිහත් වුනේ නැහැ.”
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනුම සදහා මංගල සභා රැස්වීම ඉකුත් ජුනි මස 27 වැනී දින කැදවු අතර එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු හා මන්ත්‍රීවරියක් පැහැර ගෙන ගොස් ඇති බවට එම පක්ෂයේ පාකාෂිකයින් සභාව තුලට කඩා වැදී කලහකාරීව හැසිරීම නිසා සභා රැස්වීම කල් තැබුවේය.
පසුව එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියකගේ නිවසට ගොස් තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල විය.
ඉන් අනතුරුව ඉකුත් 16 වැනි දින ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තබා බිය ගන්වා තිබුණි.ඒ ඔහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද රාජකාරියේ යොදවා සිටි පසුබිමකය.
කෙසේ වෙතත් විවිධ බාධා මැද කල්ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කෙරෙන සභා රැස්වීම අද (24) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වැලිගම ප්‍රා. මන්ත්‍රි නිවෙසට වෙඩි තැබීමේ නාටකය එළියට?
ටිල්වින් සීයා Thursday, 24 July 2025 08:09 AM
අර තමන්ගේ ඩ්‍රයිවර්ට බූරුවා කියපු පොල් බූරුවා කරන්නෙම අතටම මාට්ටුවෙන මොංගල් වැඩනෙ. හැම තැනකදීම අනාගෙන.
ගුණරත්න Thursday, 24 July 2025 08:33 AM
රටේ ඝාතන වැඩි වෙලා තියෙනවා, අල්ලපු එකෙක් නැහැ, දැන් මන්ත්‍රීලා බියවද්දනවා. කාට හරි මේක තේරෙන්නේ නැත්නම් පුදුමාකාර මෝඩයෙක්. කාලෙකට කලින් ලංකාවම භීෂණයකින් වෙළවපු කල්ලියක් බලයට ආවාම රටේ සාමයක් ඇතිවයි කියල හිතන්නෙත් ඒ වගේ මෝඩයෝ තමයි
අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 10:33 AM
තුසිත හල්ලොලුව, හා දුටු ගැමුණු පන්නයේ විහිළුවක්, ජාතික ජනබල වේගය මොකටද මේ මනුස්සයාට වෙඩි තියන්නේ, මේයා ඩීල් එකක් දාලා ස.ජ.බ.ට පනින්න හදනවා ඇති, නමුත් තමුන්ගේ මන්ත්‍රිකම ලොවෙත් නැති වෙන බව මතක තියා ගන්නවා හොදේ !