IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඔන්මැක්ස් සමාගමේ තවත් පිරිසක් ගන්නවා

(රෝෂන් තුෂාර)

ජනතා මුදල් එක්රැස් කර රුපියල් කෝටි 2000 අධික මුදල් වංචා කළේ යැයි කියන ඔන්මැක්ස් ඩි ටි නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ දෙවන පෙළ හා තුන්වෙනි පෙළ නායකයන් 212 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පැවසීය.

දැනට අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා සිටින ඔන්මැක්ස් අධ්‍යක්ෂක මණ්ඩල සැකකරුවන්ට අමතරව මෙම දෙවනපෙල හා තුන්වෙනි පෙළ සැකකරුවන් හඳුනාගෙන ඇතිි බවත්,ඔවුන්ගේ නම්, ගම්, විස්තර ඇතුළු පුද්ගලික තොරතුරු තැන්පත්කරුවන් විසින් නීතිපතිවරයාට යොමු කර ඇති බවත් එම ලේඛන ඔස්සේ සැකකරුවන් අනාවරණය කර ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය.

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරුන්ට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

ඔන්මැක්ස් සමාගමේ තවත් පිරිසක් ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 344 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2150 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1630 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site