ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා ගැනීමට වැලිකන්ද පොලිසිය, සිංහපුර යුද හමුදාව, වැලිකන්ද ආපදා කළමනාකරන සහන සේවා අංශය, වැලිකන්ද ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී කණ්ඩායමක් මෙන්ම සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීහු පිරිසක් කටයුතු කළහ.