(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය 12 වැනිදා මෙරටට පැනවූ සියයට 30 තීරු බද්ද අඩු කරගැනීම සඳහා පැවැත්වෙන මාර්ගගත සාකච්ඡාවල දෙවැනි අදියර හෙට (23) පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පෙර පැවැති සාකච්ඡාවල දිගුවක් ලෙස සියයට 30 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා රජය පසුගියදා සාකච්ඡා ආරම්භ කළේය. ඒ යටතේ ශ්‍රී ලංකා නියෝජිතයන් සහ ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග පැවැති පළමුවැනි මාර්ගගත සාකච්ඡාව පසුගිය 18 වැනිදා පැවැත්විණි. මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස එම සාකච්ඡාවලට සහභාගී වේ.
පසුගිය 12 වැනිදා මෙරට නිෂ්පාදන සඳහා නිල වශයෙන් සියයට 30 ක තීරු බද්දක් පනවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවේය. එම බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් එතෙක් සියයට 30ක තීරු බද්ද තවත් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
තේ, ඇඟලුම්, රබර් සහ පොල් කර්මාන්තකරුවන් ඇතුළු පාර්ශවයන් රැසක් පෙන්වා දී තිබුනේ සියයට 30 තීරු බද්දක් සමග තරඟකාරීත්වය පවත්වාගෙන යාමට අපහසු බවත් රජය සියයට 30 ක් තීරු බද්ද අඩුකර ගැනීම සඳහා උපරිම උත්සාහ කළ යුතු බවත්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තීරු බද්ද අඩු කරගන්න තව දුරටත් සාකච්ඡා