IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වකුගඩු රෝගින්ගෙන් ලේ ගන්න කටු නැතිව දෙහිඅත්ත කණ්ඩිය රෝහලත් ලෙඩ වෙලා

(සිරිපුර මදුෂානි අබේසිංහ)

වකුගඩු රෝගීන්ගෙන් ලේ ලබා ගැනීමට අවශ්‍ය එන්නත් කටු සති දෙකකට ආසන්න කාලයක සිට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ  නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ සායනවලට සහභාගි වන රෝගීහු සහ ඔවුන්ගේ ඥාතීහු සඳහන් කරති.

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ ඒකකයේ එම කටු නොමැති වීම හේතුවෙන් තමන්ට පෞද්ගලික ෆාමසි වලින් එක් කට්ටක් රුපියල් 450 ක මිලකට ලබා ගැනීමට සිදුව ඇති බවද රෝගීහු සඳහ කරති.

දින තුනකට වරක් ලේ ලබා ගැනීම සඳහා කටු දෙකක් අවශ්‍ය බවත්, දෙහිඅත්තකන්ඩියේ මූලික රෝහලේ ලේ ලබාගැනීමේ කටු නොමැති වීම නිසා තමන්ට,පොළොන්නරුවට නගරයට කිලෝමීටර් හැටක් පමණ දුර ගොස් එම කටු ලබා ගැනීමට සිදුව ඇති බවද රෝගීන්ගේ ඥාතීන් පවසති.

මේ සම්බන්දයෙන් කරුණු දැන ගැනිමට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ බලධාරියකු සම්බන්ධ කරගැනිමට ගත් උත්සහාය අසර්ථ විය. දුරකතනය හා සම්බන්ද වූ නිලධාරිනයක  කියා සිටියේ තමන්ට කිසිවකු ප්‍රකාශ කළ නොහැකි බවයි

 



අදහස් (1)

වකුගඩු රෝගින්ගෙන් ලේ ගන්න කටු නැතිව දෙහිඅත්ත කණ්ඩිය රෝහලත් ලෙඩ වෙලා

ගුණරත්න Wednesday, 23 July 2025 11:16 AM

ඊයේ පත්තරේ තිබ්බ ඉහලම රාජ්‍ය ආදායම මේ අවුරුද්දේ කියල, එහෙම කරලා තියෙන්නේ මුන් පොරොන්දු වුනු ඊනියා නිෂ්පාදන ආර්ථිකයෙන් නෙවෙයි අන්තයටම හූරාගෙන කන බදු ගහල. එහෙම සල්ලි ඇදලා අරගෙනත් මිනිස්සුන්ට අවශ්‍ය මූලික දේවල් වත් සපයන්නේ නැහැ. ගිය ආණ්ඩුකාලේ මෙහෙම වුනා නම් පොළොවේ හැපී හැපී සාප කරන්නේත් මුන්ම තමයි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site