(සිතුම් චතුරංග)
වවුනියාව, නිරියකුලම් හි ගෙවත්තක කෙසෙල් පඳුරක් ආසන්නයේ සූක්ෂම ලෙස වළදමා තිබූ ජීව අත් බෝම්බ 80ක් ටී පනස් 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදන උණ්ඩ තොගයක් සමග තරුණයෝ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම ආයුද ප්ලාස්ටික් බරැලයක බහා තිබූ බව ද විමර්ශන නිලධාරීහු පැවැසූහ.
ඊට අමතරව මේවා සඟවා තිබූ වත්තේ නිවෙසේ ගෝනියක බහා සඟවා තිබූ මත්කරල් පන්දහසකට අධික තොගයක් ද සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගැනුණු දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී ෙමම ආයුධ සහ මත්ද්‍රව්‍ය ෙතාගය සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී සැක කටයුතු ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කර බැලීමේදී ඒහි බෑගයක සඟවා තිබූ ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග තිස් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් ලද තොරතරු මත මෙම අවි තොගය සොයාගත් බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මිනිස් ඝාතන රැල්ලකට සූදානම් වෙනවා වත්ද? බුද්ධි අංශ වලට සහයෝගයෙන් වැඩ තියෙනවා. ජනතාව හැටියට අපිත් විමසිල්ලෙන් සහ අවධානයෙන් ඉමු. අපට තවත් එවන් දේවල් ඔරොත්තු දේන්නේ නෑ.
ආයුධ දැන් හම්බ වෙනකොට කොටි නැගිටින්නේ නැද්ද එතකොට...?