
(නවරත්න සමරතුංග සහ දයානන්ද අධිකාරි)
කලකට පෙර පෙම්වතුන්ව සිට පසුව විවාහයට අකමැති වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ පෙම්වතා පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර පෙම්වතාද තියුණු ආයුදකයකින් ගෙළ කපාගෙන මියගොස් ඇතැයි පදියතලාව පොලිසිය කියයි.
දියණිය බේරා ගැනීමට ආ තරුණියගේ මව සහ පියා ද සැකකර තරුණයාගේ පිහි පහර කා රෝහල් ගත කර ඇත.
තුවාල ලබා සිටි තරුණියගේ මව සහ පියා මහඔය රෝහලටත් එතැනින් පදියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා මඩකළපුව රෝහලට මාරු කර යවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බව ද එම රෝහල් ප්‍රකාශකයා කියා සිටියේය.
ඝාතනයට ලක්ව ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ තනුජා උදයංගනි 23 නැමැත්තියකි. ඇය මරංගල” දොරකුඹුර” පදියතලාව ලිපිනයේ පදිංචිකාරියකි.
තරුණිය ඝාතනය කිරීමෙන් අනතුරුව සියදිවි නසාගත්තේ යැයි සැකකරන තරුණයා මොණරාගල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වෙන වීරසිංහ දවුන්ධරයාලාගේ සුමිත් හේමින්ද 23 නැමැත්කෙකි. ඔහු මොනරාගල ප්‍රදේශයේ බේකරියක සේවය කරන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පෙම්වතිය මරා පෙම්වතාත් මැරෙයි
maalaka Wednesday, 23 July 2025 07:28 AM
මේවා වාර්තා කරද්දී පරිස්සමෙන් කරන්න
Bunny Preena Wednesday, 23 July 2025 08:52 AM
කොහොමද ඔප්පු කරන්නේ. වෙන කවුරුහරි දෙන්නගෙම බෙල්ල කපලා භාවිතා කළ පිහිය හෝ ආයුධය පෙම්වතාගේ අතේ දාලා ගිහිල්ලා තිබුනොත් , සැලසුම් සහගතව කරන ලද මනුෂ්‍ය ඝාතන දෙකක් විය හැකිය. මෙවන් මරණ සම්බන්ධව එහෙම තොරතුරු ලැබුණු පලියටම ඉක්මනින් අවසන් නිගමන වලට එළඹෙන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි
ගුණරත්න Wednesday, 23 July 2025 12:01 PM
අධිකරණ වෛද්‍යවරුන්ට පුහුණුවක් තිබෙනවා කැපුම් තුවාල හඳුනා ගන්න, ඒවායේ රටාව හැඩය අනුව කපා තිබෙන්නේ බාහිර අයෙක්ද තමා විසින්ම කරගත් එකක්ද? වමත් දකුණත්කරුවක්ද යන දේවල් කියන්න පුළුවන්. කොහොම වුණත් මේවා වාර්තා කරද්දී සියදිවි නසාගෙන හෝ මල සිරුරු හමුවුණා කියලා ලිව්වාම ඇති, කරගත් විදිය දාන්න හොඳ නැහැ...
fairoos Wednesday, 23 July 2025 06:37 PM
මෙහෙමත් නරුමයෝ...