
(නිමල් ජයරත්න)
පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය සී.පී.පුර ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට දී 22 වෙනිදා සවස රථවාහන 05ක් එකිනෙකෙට ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
මෙම අනතුර 22 වෙනිදා හවස 3. 00 ට පමණ සිදුව ඇති අතර, මින්නේරිය දෙස සිට පැමිණි ටිපර් රථයක් එහි රියදුරු අපරීක්ෂාකාරී අන්දමින් තවත් රථයකට ඉස්සර කිරීමට යාමේදී පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
ඉන් අනතුරුව එම අනතුරට ලක්වූ කැබ් රථයේ ඊට පිටුපසින් පැමිණි පාසල් ලමුන් ප්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථය එකවර මෙම අනතුරත් සමග නැවතීමත් සමග එම පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයේ පිටුපස කුඩා ලොරි රථයකද එහි පිටිපස තවත් ලොරි රථයක් හා සංචාරකයින් ප්‍රවාහනය කරමින් තිබූ සෆාරි ජීප් රථයක් ඇතුළුව රථ වාහන 05ක් මෙහිදී එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අනතුරුවලට ප්‍රධානම හේතුව රියදුරන්ගේ මන්දබුද්ධික වැඩ. පාර අපැහැදිලි වංගුවකදී ඉස්සර කරන එක, ඉස්සරහ වාහනය අතර ප්‍රමාණවත් ඉඩක් තබාගෙන නොයාම වගේ වැරදි. ලොකු දඩයක් ගහල බලපත්‍රය මාසේකටවත් තහනම් නොකලොත් ඕව හැදෙන්නේ නැහැ