(අංජුල මහික වීරරත්න)
වන සංරක්ෂක ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වන සංරක්ෂක ජනරාල් වශයෙන් කටයුතු කළ ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2025-07-08 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.
ඒ අනුව, පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, පුරප්පාඩු වී ඇති වන සංරක්ෂක ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන, දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වන සංරක්ෂක ජනරාල් (වන ආරක්ෂණ, මෙහෙයුම් හා කළමනා කරණ) ලෙස සේවය කරනු ලබන ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. පී. එස්. සී. පාලමකුඹුර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නව වන සංරක්ෂණ අධ්‍යක්ෂ පත්වෙයි