නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහරයකින් මාරවිල මරද ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක මියගොස් ඇගේ දරුවා තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇතැැැ යි මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වසන්ති චතුරානි නැමති කාන්තාවකි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාරවිල මරද ප්‍රදේශයෙ හෙරෝයින් අලේවි කිරීමේ ජාවාරම පවත්වාගෙන යන කුඩු මාලි නැමති කාන්තාවගේ වැඩිමහල් දියණිය බව කියයි.
කුඩු මාලි නැමති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකු ඇති බවත් එම සියලු දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම තදින් කරගෙන යමින් මරද ප්‍රදේශයට බරපතල තර්ජනයක් ව තිබු බව පොලිසිය.
ඝාතනයට ලක් වූ කාන්තාව මත්දව්‍ය සම්බන්දයෙන් අවස්ථා කිපයකදී බන්ධනාගාර ගත වූ කාන්තාවක බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාරවිල වෙඩි තැබිමක් කතක් මිය යයි
Perakum Liyanagama Wednesday, 23 July 2025 12:23 AM
වෙඩි තැබීම් ඉවරයක් නෑ. අනවසර ගිනි අවි අල්ලන්නෙත් නෑ. ඇල්ලුවත් ලොකු දඬුවමකුත් නෑ. නීති වෙනස් කරන්න උවමනාවකුත් නෑ. පහුගිය ආණ්ඩු වලට කොච්චර කිව්වත් වැඩක් උනේ නෑ. මේ ආණ්ඩුවටත් උවමනාවක් නැති හැඩයි. මීට පස්සෙ අපිත් සද්ද නැතුව බලා ඉන්නව. වෙන මොනව කරන්නද?
Bunny Preena Wednesday, 23 July 2025 08:54 AM
ආධිපත්‍ය පවත්වාගෙන යාමට කරන තරඟයක ප්‍රතිඵලයක්වත් ද?
යෝගා Wednesday, 23 July 2025 10:16 AM
මරා දැමූ කාන්තාවගේ පැටිකිරිය හොඳ නැති නිසා ඝාතනය කලාට කමක් නැද්ද? මිනීමරන රැල්ල කිසිම ආකාරයකින් පාලනය කරගන්න බැරි පච ආණ්ඩුවේ ගව රැල රට අරාජික කරලයි ගෙදර යන්නේ.
DineshWednesday, 23 July 2025 11:50 AM
ඒ දවස් වල ආයුධ පෙන්නන්න එක්ක යනකොට යෝගා හිටියේ ඇඳ යට...
Perera Wednesday, 23 July 2025 03:00 PM
ඔය මරණ පරීක්ෂා කර කර කාලෙයි, මුදලුයි නාස්ති කරන්න ඕන නැහැ.
fairoos Wednesday, 23 July 2025 06:35 PM
ඇයි ඉතින් එච්චර විස්තර දැනගෙනත් මේ අය එළියේ ඉන්නේ... පොලිසියත් වෙලාවට ගාණ ලැබෙන නිසාද?
ගුණරත්න Wednesday, 23 July 2025 07:48 PM
පොලිසිය ඔක්කෝම දන්නවා. ඒත් පියවරක් අරන් නැහැ. නිකමට හිතෙන්නේ නැද්ද මේවා ආණ්ඩුව විසින් කරන වැඩක් කියලා? හැමදාම වෙඩි වෙඩි එකත් එක තැනක නොවේ රට පුරාම වගේ, ඔහොම භීෂණයක් මවන්න පුළුවන් සංවිධානාත්මක පිරිසකට පමණයි. ඉතින් ආණ්ඩුව හැර වෙන කවුද ඉන්නේ? පාතාල කල්ලි කියාගන්න පොඩි මැරවර කණ්ඩායම් වලට ඔහොම බලයක් නැහැ...