(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයෙ කඩොලාන වනාන්තර 8 ක් රක්ෂීත බවට පත් කිරීම ජුලි 26 දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකිමේ දිනය වෙනුවෙන් කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදිගේ මහතා පවසයි.
මෙවර ලෝක කඩොලාන සුරැකිමේ දිනය ලබන 26 දින ආනවිළුන්දාව රැම්සා අභය භුමියෙදි සැමරිමට පරිසර අමාත්‍යංශය කටයුතු කර තිබේ.
එයට සමගාමිව පුත්තලම දිස්ත්‍රික්කයෙ පිහිටි කඩොලාන වනාන්තර 8 ක් මෙලෙස රක්ෂීත ලෙස නම් කිරීම සිදුවන බව පරිසර අමාත්‍යාවරයා පවසයි.
එසේ රක්ෂීත ලෙස නම් කර ඇත්තේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පනිරෙන්ඩාව බිට්ටුවට අයත් 543 ඒ ගලහිටියාව, 504සී ගලහිටියාව ග්‍රාම නිළධාරි වසමේ පිහිටි පනිරෙන්ඩාව,හලාවත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ පිහිටි 577 වෙරළබඩ ග්‍රාම නිළධාරී වසමේ පිහිටි හලාවත,566 ග්‍රාම නිළධාරි වසමේ පිහිටි මැරවල,566 වසමේ පිහිටි මැරවල,හා 561 කාකක්කපල්ලිය ග්‍රාම නිළධාරි වසමට අයත් හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් 583 කුසල,582 කරුකුපනේ යන කඩොලාන වනාන්තර බව පරිසර අමාත්‍යංශය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පුත්තලමේ කඩොලාන වනාන්තර අටක් රක්ෂිත වේ
රුවන් Wednesday, 23 July 2025 09:19 AM
මේවාට කමෙන්ට් දාන්න කවුරුත් නෑ. මොකද කඩොලාන වල වටිනාකම දන්නේ ලංකාවේ සුළු පිරිසක් විතරයි.