IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


’’මහ බැංකුව වාහන ආනයනය සීමා කර නෑ’’

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නැති බවත් තමන් දන්නා තරමින් රජයටද වාහන ආනයනය සීමා කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (23) ප්‍රකාශ කළේය.

පසුගිය පෙබරවාරි 1 වැනිදා මෙරට වාහන ආනයන සීමා ඉවත්කර ආකාරයටම ඉදිරියටත් මෙරට වාහන ආනයනය විවෘතව පවතිනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන උපරිම ණය සීමාව සංශෝධනය කිරීමෙන් වාහන ආනයනය සීමා කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු, මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මුල්‍ය කල්බදු ආයතන අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරනු ලැබුවේ මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිමය හා නියාමන ක්‍රියාමාර්ගයක් ලෙස බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ඕනෑම ණය මුදලක් ලබා ගැනීමට යාමේදී ලබාගත හැකි උපරිම ණය සීමාවක් තිබෙන බවත් එලෙස උපරිම ණය සීමාවක් තිබෙන්නේ රටේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. එමගින් යම් පුද්ගලයකු ණය මුදලක් ගැනීමේදී ඔහු ලබා ගන්නා ණය මුදල දරාගත හැකි මට්ටමක තිබෙන බව සහතික කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෝටර් රථ ආනයනය කිරීම සඳහා වසර කීපයක තහනමක් තිබූ බැවින් උපරිම ණය සීමාව සංශෝධනය නොකළ බවත් නමුත් නව මහ බැංකු පනත යටතේ මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිමය හා නියාමන ක්‍රියාමාර්ගයක් ලෙස මෝටර් රථ මිලදීගැනීමේදී ලබාදෙන උපරිම සීමාව සංශෝධනය කළ බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

පුද්ගලික වාහනයක් මිලදී ගැනීමේදී සියයට 70 ක ණය මුදලක් ලබාගෙන ඉතිරිය සඳහා මුදල් යෙදවීම අසාධාරණ නොවන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. වාණිජ වාහනයක් මිලදී ගැනීමේදී උපරිම ණය සීමාව ඉහළ මට්මක තිබෙන්නේ එම වාහනවලින් ආදායමක් ලැබීමත්, මිලදී ගන්නන් වෙත මුදල් ගලා එම ඉහළ වීමත් නිසාවෙන් බවද වීරසිංහ මහතා පැවැසුවේය.

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.



අදහස් (2)

’’මහ බැංකුව වාහන ආනයනය සීමා කර නෑ’’

Rasika Wednesday, 23 July 2025 06:12 PM

නන්දලාල් මහත්තයත් පචෝරිස් කෙනෙකු ගාණට වැටෙයිද දන්නෙ නෑ මේ අයත් එක්ක වැඩ කරලා.

:       0       0

ගුණරත්න Wednesday, 23 July 2025 07:13 PM

ඇයි සීමාවක් නැත්තේ? ආනයන බදු 3 ගුණයක් කරලා තියෙන්නේ. ආනයන සීමා පැනවීමක් තමයි, එන්ජින් ධාරිතාව, වාහනයේ නිෂ්පාදිත වර්ෂය ආදී කාරනා මත බදු කියන්නෙත් පාලන සීමා තමයි. සාමාන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න බැරි වෙන්නත් ඉතාම ධනවත් සුළු පිරිසකට පමණක් වාහන ගන්න පුළුවන් වෙන්නෙත් මේ සීමා නිසා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 344 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2150 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1630 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site