IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ASP විභාග පවත්වා වසර දෙකක් ගියත් පත්වීම් නෑ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරී (ඒ.එස්.පී.) තනතුර සඳහා තරග විභාගය පවත්වා වසර දෙකක කාලයක් ගතවුවද මේ දක්වා එම තනතුරුවල පත්වීම් දීමට බලධාරීන් අසමත්ව ඇතැයි පොලිස් නිලධාරීහූ චෝදනා කරති.

එම විභාගයට පෙනී සිටි නිලධාරීන්ගේ සම්මුඛ පරීක්‍ෂණ පසුගිය පෙබරවාරි මස පැවැත්වූ බවත් විභාගයේ සහ සම්මුඛ පරීක්‍ෂණ යන දෙකේ ලකුණු එකතුවේ අවසන් ලැයිස්තුව මීට මාස දෙකකට පමණ පෙර ජාතික පොලිස් කොමිසමට යොමුකර ඇති බවත් එම නිලධාරීහූ කියති.

තේරීපත්වූ නිලධාරීන්ගේ අයහපත් වාර්තාවල දෝෂ සහිත යැයි ප්‍රතිඵල ප්‍රමාද කරන බව කියන පොලිස් නිලධාරීහූ අයහපත් වාර්තා සකස් කරන පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වගකිවයුතු බව ද සඳහන් කරති.

සහකාර පොලිස් අධිකාරී පත්වීම් දීම ප්‍රමාද කිරීම සඳහා දෝෂ සහිත වාර්තා සිතාමතාම සකස් කරන්නේ දැයි සැකයක් මතුවන්නේ යැයි කියන පොලිස් නිලධාරීහූ මෙම තත්වය හමුවේ තමන් දැඩි කස්සල්ලට පත්ව සිටින බව ද සඳහන් කරති.
මෙම තත්වය පිළිබඳව ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකුගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙහිදී පුරප්පාඩු වී ඇති සහකාර පොලිස් අධිකාරී තනතුරු 43 ක් සඳහා නිලධාරීන් තෝරා විභාග දෙපාර්තමේන්තුව ලැයිස්තුවක් යොමුකර ඇති බවත් කෙසේ වෙතත් එම නිලධාරීන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් ‘අසාදු වාර්තා’ යොමුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රමාද කිමින් සිටින බවත්ය.

එම නිලධාරීන් 43 දෙනාට අදාල ‘අසාදු වාර්තා’ යොමුකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට කීපවරක් සිහිකැදවීම් කළ බව ද එම සාමාජිකයා සඳහන් කළේය.

සහකාර පොලිස් අධිකාරීවරයෙක් යනු පොලිස් දෙපාර්තමේන්තුවේ වඩාත් වගකීමක් ඇති තනතුරක් බැවින් ඒවා විභාග ලකුණු සහ සම්මුඛ පරීක්‍ෂණ තොරතුරු මත දියනොහැකි බවත් අදාල නිලධාරීන්ගේ පෞද්ගලික තොරතුරු, විභාග සහතික, සේවා තොරතුරු ආදි සියලුම දේවල්වල සත්‍යතාව තහවුරු කරගත යුතු බවත් ඒ සඳහා කාලයක් ගත වන බවත්ය.

අදාල නිලධාරීන් පිළිබඳව සීඅයිඩී, ටීඅයිඩී සහ ඔහු පදිංචිව සිටින ප්‍රදේශයේ පොලිස් වාර්තා ආදි සියලුම වාර්තා කැඳවන බවත් උදාහරණයක් ලෙස නිලධාරීයෙක් විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශි්‍යයෙක්ව සිටියේ නම් ඔහු එහිදී නවකවදයට සම්බන්ධ වී තිබේද යන පිළිබඳව තහවුරු කරගන්නා බවත් ජාතික පොලිස් කොමිසමේ එම සාමාජිකයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

ASP විභාග පවත්වා වසර දෙකක් ගියත් පත්වීම් නෑ

de silva Wednesday, 23 July 2025 03:15 PM

අනේ මගේ කට , අර බන්දුට එහෙම උසස් වීම් දෙන කොටත් හොඳට හොයලා බලලා වෙන්න ඇති දෙන්න ඇත්තේ? ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ කියලා හොයන්න නේද TID වාර්තා කැඳවන්නේ? ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙලා හිටියාට කමක් නැහැ... ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ කෙනෙක්, සහකාර පොලිස් අධිකාරි වෙනකොට තමා ඔය කියන ඔක්කෝම ප්‍රශ්න?

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site