
(අංජුල මහික වීරරත්න)
අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යවා ඇත.
ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන අලි ඇතුන් බොහෝ දෙනෙක් මේ වන විට දඩයක්කරුවන්ගේ හෝ අනවසර ගිනි අවි දරන්නන්ගේ හෝ ගොවීන්ගේ හෝ ගිනි අවි ප්‍රහාරයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් මේ වන විට දැක ගත හැකි යැයි ද මේ තත්වය ලංකාවේ අලි ඇතුන් ගැවසෙන සෑම ප්‍රදේශයකම දිනපතා වාර්තාවන තත්වයක් බවද අදාළ ලිපියේ දැක්වේ.
"ලංකාවේ ජීවත් වන ආසියාතික අලියා ලංකාවට සංචාරක ආකර්ෂණය ළඟාකර දෙන ආරක්ෂා කළ යුතු සත්වයෙකි. නමුත් දිනපතා අලි ඇතුන්ට සිදුකරන වෙඩි තැබීම වාර්තා වීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, සංරක්ෂණය කළ යුතු සත්වයෙකු වෙත ලැබිය යුතු ආරක්ෂාව අහිමි වී යාමක් වන බව මාගේ හැඟීමයි.
එබැවින්, මේ තත්වය දිඟින් දිගටම සිදුවන බව වාර්තා වන බැවින් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් විශේෂ විමර්ශනයක් සිදුකර මෙලෙස අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමි.
තවද, වනාන්තර ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයින් නීති විරෝධී ගිනි අවි භාවිතයෙන් මෙම කාර්යය සිදු කරන බව පෙනී ගොස් ඇති නිසා පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කර නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශ වල සිදුකර දෙන මෙන්ද වැඩි දුරටත් ඉල්ලා සිටිමි යනුවෙන්ද පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වැඩ බලන පොලිස්පතිවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
344
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2150
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1629
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පරිසර ලේකම්ගෙන් අලි ගැන පොලිස්පතිට ලිපියක්
saman Wednesday, 23 July 2025 03:48 PM
ඔය අලි ඇතුන්ගෙන් පහර කා මිය යන, අබ්බගාත වන අහිංසක ගොවීන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොයි විදියටද?
ShanWednesday, 23 July 2025 07:19 PM
අලි කවදාවත් මිනිස්සුන්ගේ ගෙවල් නැහැ. මිනිස්සු තමයි අලින්ගේ ගෙදරට ආවේ
ගමේ එකාලා Wednesday, 23 July 2025 05:13 PM
හිටපු දූෂිත දේසපාලුවෝ අලි, ඇතුන් තියාගෙන හිටියා. නන්නත්තාර වෙච්චි අලියෙක් පාර වැරදිලා පන්සලට ආවා කියලා එකෙක් කිව්වා. ඇත්තු මරලා දළ ගත්තු උන් ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා....
thilakWednesday, 23 July 2025 07:06 PM
වන අලින් ගොවියන්, දඩයක්කරුවන් අතින් වෙඩි කා මියයනවාට වඩා, අලියෙකු රැකබලා ගත හැකි කෙනෙකු ළඟ ආරක්ෂිතව සිටීමේ කිසිම වැරද්දක් නැහැ.
ගමේ එකාලා Wednesday, 23 July 2025 05:13 PM
හිටපු දූෂිත දේශපාලුවෝ අලි, ඇතුන් තියාගෙන හිටියා. නන්නත්තාර වෙචිචි අලියෙක් පාර වැරැදීලා පන්සලට ආවා කියලා එකෙක් කිව්වා. ඇත්තු මරලා දළ ගත්තු උන් ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා.
Perakum Liyanagama Wednesday, 23 July 2025 11:20 PM
අනේ අපේ අලි ටික රැකගත්තෙ නැත්නම් රටේ ප්‍රශ්න විසඳගන්නෙ කොහොමද? මිනිස්සු වගේද අලි.
Ajith Thursday, 24 July 2025 05:05 AM
නගර වලට වෙලා පිනට රජය පඩිය අරන් ජීවත් වෙන අයට තේරෙන්නෙ නෑ ගොවියෝ අලි නිසා විදින දුක.