අධිකරණ නියෝගය කඩ කළ වැලිකන්ද හිටපු ඕ අයි සී අල්ලන්නැයි නියෝගයක්
වැලිකන්ද පොලිසිය මීට මාස කීපයකට පෙර අත්අඩංගුවට ගත් එල ගවයන් විසිදෙනකු, සැකකරුවන් දෙදෙනකු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම එළ ගවයන් රජයේ ගොවිපළකට භාරදීමට නියෝග කර තිබියදී, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණී යැයි කියන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද(18) නියෝග කළේය.