IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාලිනිය කලාවට කළ මෙහෙවර කවදාවත් අමතක කරන්න බෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය වන මාලිනී ෆොන්සේකා කලාවට කළ මෙහෙවර කිසිදා අමතක කරන්නට නොහැකි බව සභානායක, ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

සභා නායකවරයා මෙසේ කීවේ හෙළයේ නිළි රැජන ලෙස විරුදාවලිය ලත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී අභාවප්‍රාප්ත  මාලිනී ෆොන්සේකා මහත්මිය පිළිබඳව පාර්ලිමේන්තු ශෝක යෝජනාව සභාවට ඉදිරිපත් කරමිනි.

"ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2010 දී මාලනී ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තුවට ආවා.කලාවට කළ සේවය නිසා එතුමිය හෙළ නිල රැජිණ යනුවෙන් විරුදාවලිය ලැබුවා. ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය ඇයයි.

එතුමිය කලාවට කළ මෙහෙවර කිසිදා අමතක කරන්නට බැහැ.

 කලාව සංවර්ධනය කිරීම සඳහා  විශේෂ දායකත්වයක් ලබාදීම වෙනුවෙන් 1985 වසරේදී කලාසූරී සම්මානය ද මෙරට සිනමා කර්මාන්තයට කරන ලද සේවය වෙනුවෙන් විශ්ව ප්‍රසාදිනී ඇගයීමේ සම්මානයද එතුමිය වෙත පිරිනමා තිබෙනවා.

1975 වසරෙහි මොස්කෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඇය ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගත්තා.1977 වසරේ පැවති පළමු දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ ගෞරව කුසලතා සහතිකය හිමිකර ගත් එතුමිය 39 වන ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේදී ආකාස කුසුම් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළිය සඳහා වන රිදී මයුර සම්මානයද ලැබුවා.ඇය ලැබූ තවත් ජාත්‍යන්තර ඇගැයුම් බොහොමයි.ජාතික මට්ටමේ සම්මාන අති විශාල ප්‍රමාණයකින් ඇය පිදුම් ලැබුවා.2012 දී ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ජාත්‍යන්තර  ජූරි සභාවේ සාමාජිකාවක් වූ ඇය සී.එන්.ඒ ආයතනය විසින් ආසියාවේ සියලු කාලයන්හි ශ්‍රේෂ්ඨ නිළියන් විසි පස් දෙනාගෙන් කෙනෙකු ලෙසද නම් කරනු ලැබුවා යනුවෙන්ද සභා නායකවරයා කීය.



අදහස් (5)

මාලිනිය කලාවට කළ මෙහෙවර කවදාවත් අමතක කරන්න බෑ

de silva Friday, 25 July 2025 01:45 PM

මාලනි ෆොන්සේකා කලාවට කළ විශාල සේවය ගැන විවාදයක් නැහැ... කවුරුත් ඒක දන්නවා... මාලනී ෆොන්සේකා වැනි කලාවට සේවය කළ විශාල කළ තවත් කරුවන් පිරිසක් අද රටේ ඉන්නවා.. නමුත් පාර්ලිමේන්තුවේ දින වෙන් කරමින් මේ සියලු දෙනාම මියගියාම ඒ ගැන විවාද කරන්න ගියොත් ඒකට විශාල කාලයක් සහ මුදලක් දරන්න මේ බංකොළොත් රටට බැහැ.. ඔය වැනි අත්‍යාවශ්‍ය නොවන දේවල් නොකර පාර්ලිමේන්තුව රැස්වෙලා රට වැටිලා තිබෙන ආර්ථික සාමාජික ගැටළුවලට පිළියම් යොදන එක නේද හොඳ? කලාකරුවෝ සමරන්න වෙනම උත්සවයක් තියාගන්න.. ඒකට කැමැති කෙනෙක් යන්න.

:       2       9

Perakum Liyanagama Friday, 25 July 2025 02:22 PM

හ්ම්ම්... එක අතකට එහෙම කියන්නත් පුළුවන්... බලන කෝණය අනුව පෙනුම වෙනස් වනබව අමුතුවෙන් කිවයුතු නොවේ...!

:       0       6

MD Friday, 25 July 2025 03:02 PM

ඔව් ඇත්තටම ඵ් වගේම විජය කුමාරතුංග නැමැති කලා රජු අමතක කරන්නත් බැහැනේ. විශේෂයෙන් ඔහුව ඝාතනය කළ සෙට් ඵක කොහොමටවත් අමතක කරන්න එපා. ඝාතන සෙට් ඵකට මොන බලයක් තිබුණත් ඵ් යුග පුරුෂයා මරපු සාපයෙන් ඵ් සියලු බල ශුන්‍ය වෙලා යනවා බොහෝම ඉක්මණින්ම...

:       1       12

sene Friday, 25 July 2025 03:12 PM

අපි මැරිලා ඉපදිලා නැහැ. අපට මතකයි දණහිස්ස කී දේ...

:       0       12

Perakum Liyanagama Friday, 25 July 2025 08:13 PM

තව ටික දවසකින් මාතා හාරි, මේරි මැග්ඩලේන් වැනි ලෝ පතල චරිත ගැනත් පාර්ලිමේන්තු ගුණ වර්ණනාවක් තියන්න බැරි නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site