
(රෝෂන් තුෂාර)
කල්ගත වූ උප්පැන්න ලියාපදිංචි කිරීමේ රෙගුලාසිය අවභාවිතා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලියාපදිංචිකර නිකුත් කළේ යැයි කියන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ථාර් රුවිනි වාසනා සැකකාරිය ලබන 28 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.
අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන්, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකාරිය ඉදිරිපත් කරමින් කියා සිටියේ රාජ්‍ය නිලධාරියකුව සිටිමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමට ආධාර අනුබල දෙමින් දණ්ඩ නීති සංග්‍රහයේ හා ආගමික විගාමික පනතේ වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කිසිසේත්ම ඇය තනිවම කරන ලද්දක් විය නොහැක. ඒ සඳහා ආධාර අනුබල සහ නියෝග දුන් සියලුදෙනා කොටුකර ගත යුතුයි...
නීතිය,... කොහොමද සිරිලිය...?
ඔය පද්මේ කියන්නේ හාල්මැස්සෙක් මෝරා තෝරා බලගතු චරිතයක් වෙන්න ඕනේ. නැත්තං මෙහෙම දෙවල් සාමාන්‍ය පාතාල සාමාජිකයෙකුට කරන්න බෑ.
රාජ්‍ය නිළධාරී සමස්ථයෙන් 25%ක් විතර දූෂිතයන් බවත් 3%ක් පමණ අන්ත දූෂිතයන් බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ.. හරිම දුකයි, රටට වෙච්චි දෙයක්!
කිසිම ලජ්ජාවක් නැති සල්ලි දෙනවනම් ඕනෑම දහ ජරා වැඩක් කරන්ට ලැහැස්ති එවුන් තවත් ඉන්නවා. රොත්තා පිටින් උන්ව අල්ලලා හිර ගෙදරට යවලා විතරක් මදි, ඔවුන්ගේ ප්‍රජා අයිතියත් අහෝසි කරලා, ඔවුන් පිළිබඳ විස්තර — නම, ගම, ලිපිනිය, ඡායාරූප — සහිතව ජාතික පුවත් පත්වලින් ප්‍රසිද්ධ කරන්නත් ඕනා. එතකොටවත් මෙවැනි දේවල් යම් තරමක් දුරකට වැලකෙයි.
එතකොට අර පංචායුධ වංශටයි, අඹුවටයි හොර අයිඩෙන්ටි පාස්පෝට් හදපු අයට මුකුත් කරන්නේ නැතෙයි?