
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්රොන් පවසයි.
ප්‍රංශ ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි. එහි සඳහන් වන්නේ, එලැඹෙන සැප්තැම්බරයේ, ප්‍රංශය, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවය. ඒ බව සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී විධිමත් ලෙස ප්‍රකාශයට පත් කරන බව ද ජනාධිපති මැක්රොන් පැහැදිලි කර ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයා ගන්නා මෙම පියවර මගින්, ගාසා තීරයේ පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයට ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
ඊට අමතරව, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා පළමු බටහිර බලවතා වනු ඇත්තේ ද ප්‍රංශයයි. සෙසු බටහිර යුරෝපා රටවල් ද ප්‍රංශය අනුව යමින්, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. දැනටමත් 140 කට අධික සංඛ්‍යාවක් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පැහැදිලි කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නවා - ප්‍රංශ ජනපති
පිටරටවැසියා Friday, 25 July 2025 09:41 AM
ඊට වැඩිය හොඳයි පලස්තීනය සොහොන් බිමක් කියලා පිළිගත්තානම්. දශක ගණනාවක් තිස්සේ මිනිස්සුන්ව ඇතිතරම් මැරෙන්න ඇරලා දැන් ඒක සොහොන් පිට්ටනියක් වෙලා. හැබැයි සුද්දා පිහිටවපු ඊශ්‍රායලය රටක් හැටියට පිළිගන්න මෙච්චර ප්‍රමාද වුණේ නෑ නේද?
RishadFriday, 25 July 2025 02:25 PM
අපිත් ටිකක් ගෙනත් පදින්චි කරවා ගමු. ඉන්න ඒ ජාතියේ අය අපිට තාම මදි. මානව හිමිකම් ගැන අපිටත් එයාලාගෙන් ඉගෙන ගන්න පුළුවන්. අනික අපිත් එල කිරි මිනිස්සු කියලා ලෝකෙම එතකොට පිළිගනීවි...