(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ප්‍රදේශයේදි ඉකුත් 18 වැනි දා මුදල් පොලිසියට දෙන පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බව කියන විශේෂ බළකා හිටපු සෙබළක පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය කියයි.
සැකකරු කහතුඩුව පහළගම කුරුළුබැද්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වාඩියක් තුළ සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම එම ස්ථානය වටලා ඇති අතර කුරුඳු ඉඩමේ වාඩියක සිටි වෙඩික්කරු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙිිඩි තබා ඇත. සිදු වූ වෙඩි හුවමාරුවේ දි සැකකරු වෙඩි වැදී මියගොස් ඇත.
සැකකරු සිටි කුරුඳු ඉඩමේ වාඩියේ තිබී ටී.56 ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.


2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1317
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිසියෙන් වෙඩි කා දෙහිවල වෙඩික්කරු මරුට
Indrajith Fernando Friday, 25 July 2025 08:25 AM
හොඳ වැඩක්. පාතාලය අහෝසි කරන්න උත්සාහ කරන්න.
Bunny Preena Friday, 25 July 2025 09:29 AM
අවි ගත්තෝ අවියෙන්ම නසිති
Angna Kouross Friday, 25 July 2025 03:46 PM
පොලීසිය කොස්සකින්ද වෙඩිතියලා තියෙන්නේ? ඒවා අවි නොවේද? අපේ නෝනාගේ අවිය නම් කොස්ස තමයි.
සැම්සන් Friday, 25 July 2025 09:31 AM
සල්ලිත් දීලා වෙඩිත් කන්න වෙලා
මාලගිරාFriday, 25 July 2025 03:47 PM
සල්ලි දීලා කන වෙඩි රහයිද?
Perera Friday, 25 July 2025 09:33 AM
කතන්දරේ හිතාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔහොම එවුන්ට නඩු දාලා, නඩු අහලා, සමහර විට සැකයේ වාසියෙන් ගෙදර යවනවාට වඩා ඔහොමවුන එක හොඳයි.
Nipuna Friday, 25 July 2025 10:13 AM
විය යුතු දේ වෙමින් පවතී, ප්‍රමාද වී හෝ.
Sunil Friday, 25 July 2025 01:35 PM
පාතාලය මර්ධනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඕක නැත්තං නඩු අහලා පැහැදිලි සාක්ෂි නෑ කියලා ඊට පස්සේ ඇප දීලා එලියට දාලා වෙන රටකට පැනලා යනවා.
Third Eye Friday, 25 July 2025 03:54 PM
සියලු පාතාලයන් අල්ලන්න යෑමේදී වෙඩි හුවමාරු කරගන්න ලැබේවා..!
රනේ Friday, 25 July 2025 05:16 PM
ඔබ රටට මුදල් ඉතිරි කළා..!
ගුණරත්න Friday, 25 July 2025 06:24 PM
මේක විය යුතු දේ කියලා කිව්වාට මේකෙන් වෙන්නේ සාක්ෂි විනාශ වීම, සමහර විට මේ වෙඩි තැබීමේ අරමුණත් ඒක වෙන්න ඇති. මේ වගේ වැඩවලින් වෙන්නේ පොඩි තග්ලා පිටුපස්සේ ඉඳන් මෙහෙයවන බලසම්පන්න චරිත සදාකාලේටම හැංගෙන එක, මේ ආණ්ඩුවත් ඒ වැඩේ කරනවා කියන්නේ ඔවුන්ටත් හංගන්න දේවල් තියෙනවා වගේ...!